ලංකා ප්රිමියර් ලීග් (LPL) ක්රිකට් තරගාවලියේ කලම්බු කින්ග්ස් සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර පැවති තරගයෙන් කලම්බු කින්ග්ස් කණ්ඩායම කඩුලු 7කින් ජයගත්තේය.
එම තරඟයේදී කැන්ඩි කණ්ඩායමේ සියලුදෙනා දැවී ලබා ගැනිමට හැකිවුයේ ලකුණු 105ක් පමණය.
රහමනුල්ලා ගුරුබාස් ලකුණු 34කි.
පිළිතුරු ඉනිම ක්රිඩා කළ කින්ග්ස් කණ්ඩායම කඩුළු තුනක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
එහිදී දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 35ක් ලබා ගත්තේය.
මේ අතර ඊයේ පැවති තවත් තරගයකින් ගොල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරදවා දඹුල්ල වයිකින් කණ්ඩායම ලකුණු 09කින් ජයගත්තේය.