
ඩිමොක්රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් ලැබූ ජනාධිපතිවරණ ජයග්‍රහනය පෙරලා දැමීමට සහය වෙන්නැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්ජියාවේ රිපබ්ලිකන් ආණ්ඩුකාරවරයාට බලපෑම් කර ඇත.
ට්විටර් පණිවුඩ මාලාවක් යොමු කරමින් ජනපති ට්‍රප්ම්, ආණ්ඩුකාර බ්‍රයන් කෙම්ප්ගෙන් ඉල්ලා සිටියේ මේ සඳහා ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයේ විශේෂ සැසියක් කැඳවන ලෙසයි.
ජොර්ජියා ප්‍රාන්ත සෙනට් සභා ඡන්ද විමසීමට අදාල ප්රචාරක රැලියකට සහභාගී වීමට පැය කිහිපයකට පෙර ජනපති ට්‍රම්ප් මෙම ඉල්ලීම කර ඇත.
ජෝ බයිඩ්න්ගේ ජනාධිපතිවරණ ජයග්‍රහනය තවදුරටත් පිලිනොගන්නා ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ එම ජයග්‍රහනය වංචා සහගත බවයි.
ඒ අනුව ඔහු, ප්‍රාන්ත කිහිපයකම මැතිවරණ ප්‍රථිපල අභියෝගයට ලක් කරමින් නීතිමය ක්‍රියාමාර්ග ගත්තද ඒ සියල්ල අසාර්ථක වී ඇත.
මෙවර ජනාධිපතිවරණයේදී ජෝර්ජියාව වැදගත් සටන් බිමක් වූ අතර එහිදී ඩිමොක්රටික් අපේක්ෂක බයිඩ්න්ට ඉතා තියුණු ජයක් හිමිවිය.
1992 න් පසුව ඩිමොක්රටික් පක්ෂය ජොර්ජියා ප්‍රාන්තය ජයගත් පළමු අවස්ථාව මෙය වන අතර එය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරාජයට ප්‍රධානතම හේතුවක් විය.