
බන්ඩාරගම අටළුගම ප්‍රදේශයේ කොරෝනා මර්දනයට සහභාගි නොවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් රජයේ බලධාරීන් දැනුවත් කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා colombo gazette වෙත පැවසීය.
ඔහු පෙන්වා දෙන්නේ එම ප්‍රදේශයේ දී තම නිලධාරීන්ගේ රාජකාරියට බාධා පැමිණීම සහ ඔවුනට පහර දීමට තැත් කිරීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
මේ තත්ත්වය මත එම ප්‍රදේශයේ කොරෝනා මර්දනයට බාධා ඇතිවිය හැකි නමුත් තම සේවා කටයුතු සිදු කිරීමට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන තුරු එම කටයුතුවලට සහභාගි නොවන බව ද සභාපතිවරයා කියා සිටියේය.
එත් මෙම ක්‍රියාමාර්ගය වෘත්තීය ක්‍රියාමාර්ගයක් නොවන බව ඔහු පවසයි.
එත් මෙම ක්‍රියාමාර්ගය වෘත්තීය ක්‍රියාමාර්ගයක් නොවන බව ඔහු පවසයි.
අටළුගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිත වූවෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කොරෝනා බෝ කිරීම සඳහා කෙළ ගැසීම හේතුවෙන් නිසා මේ තීරණයට එළඹුණු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසිය.