පාස්කු ප්‍රහාරයේ විමර්ශනය සම්බන්ධයෙන් රජය සහ විපක්ෂය ගැටෙයි

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සම්බන්ධයෙන් රජය සහ විපක්ෂය අතර අද පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්වයක් ඇති විය.

විපක්ෂය කියා සිටියේ කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට පරීක්ෂණවල ප්‍රගතිය ගැන සෑහීමකට පත් නොවන බවය. කෙසේ වෙතත්, හිටපු ඇමති හරින් ප්‍රනාන්දු කාදිනල්තුමාට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇති බැවින් කාදිනල්තුමා ගැන කතා කිරීමට විපක්ෂයට අයිතියක් නැති බව රජය පැවසීය. පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් මියගිය සෑම නිවසකටම තමන් ගිය බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු රජය දැන සිටි බවත් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පැවසීය.

එහිදී අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා තමා ගැන පවසන සෑම දේ සම්බන්ධයෙන්ම පාස්කු කොමිසම හමුවේ දැනුවත් කර ඇති බවත් හරියට වචනයක් කියා ගත නොහැකිව ලන්සා අමාත්‍යවරයා බොරු පවසන බවත් තමන්ගේ නම අරීන් නොව හරීන් බවත් පවසිමත් සමඟ පාර්ලිමේන්තුව තවත් උණුසුම් විය.

පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු යැයි චෝදනා කරන කිසිවෙකු රජය විසින් ආරක්ෂා නොකරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අවධාරනය කළේය. වගකිව යුත්තන් රජයේ කොටසක් වුවද ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට බලධාරීන් සහතික වන බව ඔහු පැවසීය.

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසුවේ මෙම ප්‍රහාර සම්බන්ධයෙන් සැකකරුවන් ගණනාවක් දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති බවයි. කෙසේ වෙතත්, දැනට සිදුකෙරෙමින් පවතින විමර්ශනවලට අදාළ සංවේදී තොරතුරු පාර්ලිමේන්තුවට හෙළි නොකරන බව ඔහු පැවසීය.

2019 අපේ‍්‍රල් පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් 300 කට අධික පිරිසක් මිය ගියහ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.