මහනුවර දිගන ප්‍රදේශය ආශ්‍රිතව පෙරවරු 05.41කට පමණ දිගන අළුත්වත්ත ප්‍රදේශය ආශ්‍රිතව මෙම භූ චලනය සිදුව ඇත.
මහනුවර දිගන ප්‍රදේශය ආශ්‍රිතව පසුගිය මාසයක පමණ කාලය තුළ මෙවැනි සුළු භූ කම්පන 06ක් පමණ සිදු විය. එම භූ කම්පන හටගැනීම සම්බන්ධයෙන් විශේෂඥයින් විමර්ශන ආරම්භ කර ඇත. නමුත් මේ දක්වාත් ඊට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැත.
එය රිච්ටර් මාපකයේ ඒකක 02ක ප්‍රබලත්වයක් ලෙස පල්ලෙකැලේ සහ මහකනදරාව යන භූ කම්පන මධ්‍යස්ථානවල සටහන්ව ඇති බව භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශය පවසයි.