මහර බන්ධනාගාරයේ සිදුවූ කලහකාරි සිද්ධියෙන් මියගිය මත්ද්‍රව්‍ය වැරදිවලට අදාළව මහර රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි වත්තල සහ ජාඇළ ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකුගේ සිරුරු ඥාතීන් විසින් හඳුනාගෙන තිබේ.
මෙම මෘත ශරීර 11න් 2ක් මේ වනවිට හඳුනාගෙන ඇති බවත් මොවුන් දෙදෙනාම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ජාඇළ සහ කිරිබත්ගොඩ පොලීසි මගින් රිමාන්ඩ් භාරයට පත්කර සිටි අය බවත් එම මෘත ශරීර හඳුනාගැනීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මේ සියලු මෘත ශරීරවල ඇඟිලි සළකුණු ලබා ගැනීමක් සිදුකර ඇත. එමෙන්ම අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් මෙම මෘත ශරීරවල DNA පරීක්ෂණ සිදුකිරීම සඳහා සාම්පල ලබා ගැනීමටත් නියමිතය.