මහර ගැටුම ගැන සොයන කමිටුව ප්‍රකාශ 78 ලබා ගනී

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පත්කළ එම කමිටුව විසින් මේ වනවිට ප්‍රකාශ 78ක් සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඉන් ප්‍රකාශ 34ක් බන්ධනාගාර නිලධාරීන්ගෙන් ද සෙසු ප්‍රකාශ බන්ධනාගාර රැඳවියන්, හෙද නිලධාරීන් සහ වෛද්‍යවරුන්ගෙන් මෙම ප්‍රකාශ ලබාගෙන තිබේ. එමෙන්ම ඊයේ (04) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහර බන්ධනාගාර අධිකාරීවරයාගෙන් ද ප්‍රකාශ සටහන් කරගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ අතර මහර බන්ධනාගාරයේ සිදු වූ කලහකාරි සිද්ධිය ගැන විමර්ශන සිදුකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පත්කළ කමිටුවේ සාමාජිකයින් සංඛ්‍යාව වැඩිකර තිබේ.

පසුගියදා ඇතිවූ එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 12 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබුණි. ඒ අනුව එම කමිටුවේ සමාජිකයින් සංඛ්‍යාව 20 දෙනෙකු දක්වා ඉහළ දැමූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.