සඳ මත ජාතික ධජයක් එසවු දෙවන රට බවට පත්වෙමින් චීනය සඳ මත සිය ධජය ඔසවා ඇත.
චීනය ගගනගාමීන් රහිත චැන්ග් -5 අභ්‍යවකාශ යානය පසුගිය දා සඳ මත ගොඩබැස්වමිට කටයුතු කළේය.
මෙලෙස චීනය සඳ මත ධජය ඔසවනු ලැබුවේ අමෙරිකානු අභ්‍යවකාශ මෙහෙයුමෙන් වසර 50 කට පමණ පසුවයි.
සඳෙන් පාෂාණ සාම්පල රැගෙන එම අභ්‍යවකාශ යානය යළි පෘථීවිය බලා පිටත්වීමට පෙර ලබා ගත් ඡායාරූප කිහිපයක් ප්‍රසිද්ධ කිරීමට චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය පියවර ගෙන තිබුණි