ජැෆ්නා ස්ටැලියන්ස් පරදා කලම්බු කින්ග්ස් ජය ගනි

 

එල් .පි .එල් ක්‍රිකට් තරගවලියේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පරදා කලම්බු කින්ගස් කණ්ඩයාම කඩුලු 6ක් ජයක් වාර්තා කළේය.

කලම්බු කින්ග්ස් කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 68ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය

ඒ අනුව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම රැකගෙන සිටි අපරාජිත වාර්තාව බිඳ දමන්නට කලම්බු කින්ග්ස් කණ්ඩායම සමත්විය.

පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 148කි.

කලම්බු කින්ග්ස් කණ්ඩායමේ  පන්දු යැවීම හමුවේ ස්ටැලියන්ස් පිතිකරුවන්ට සාර්ථක වන්නට අවස්ථාව නොලැබුනු අතර ස්ටැලියන්ස් ඉනිම වෙනුවෙන් වනිදු හසරංග රැස්කළ ලකුණු සංඛ්‍යාව 41කි.

ජයග්‍රගණය සඳහා ලකුණු 149ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි කලම්බු කින්ග්ස්  එම ඉලක්කය පන්දුවාර 19යි පන්දු දෙකකදී පසුකළේය

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.