මෙරට 130වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරමින් පැවසීය.
වයස අවුරුදු 72ක් වූ පිළියන්දල ප්‍රදේශයේ පදිංවිව එම පුද්ගලයා කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර අද (04) මියගොස් ඇත.
මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 නියුමෝනියාව නිසා උග්‍ර වූ බැක්ටිරියා ආසාදන සහ හෘද රෝග තත්ත්වයකි.
තවත් කොවිඩ් ආසාදිතයින් 265 දෙනෙක් හඳුනාගෙන ඇති අතර ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ.
ඒ අනුව, අද (04) දිනය තුළ දී හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 517ක් වේ. මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 23,005කි.