හිටපු මහ බැංකු අධිපති, අර්ජුන මහේන්ද්රන් මෙරටට පිටුවහල් කරන ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේ සටහනක් මෙරට නීතිපතිවරයා විසින් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත යවා ඇත.
නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අධිකරණ ලේකම්වරයාට දන්වා ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
හිටපු මහ බැංකු අධිපතිවරයා පසුගිය රජය සමයේ සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචාවේ එක් සැකකරුවෙකි.