ඉන්දික ශ්‍රී අරවින්ද
කොවිඩ් -19 ආසාදිත සියලුම බන්ධනාගාර රැඳවියන් එකම බන්ධනාගාරයක් තුළ රැඳවීම කෙරෙහි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබේ.
බන්ධනාගාර ආශ්‍රිතව පැතිර යන කොවිඩ් -19 වෛරසය සම්බන්ධයෙන් වූ විශේෂ රැස්වීමක් අද(04) පස්වරුවේදී බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
එහිදී රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා යෝජනා කර ඇත්තේ ඒ සඳහා සුදුසුම ස්ථානය මහර බන්ධනාගාරය බවත් එය කොවිඩ් රෝගීන් රැඳවීම සඳහා සුදානම් කරන ලෙසත් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණි.
මෙහිදී සියලුම බන්ධනාගාර තුළ දෛනිකව සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීමටත්,සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින නිදහස් කිරීමට හැකියාව ඇති රැඳවියන් හැකි ඉක්මනින් PCR පරීක්ෂණ සිදු කර විධිමත් නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව මානසික සෞඛ්‍ය අවධානය යොමු කිරීමටත් මෙම සාකච්ඡාවේදී තීරණය වී තිබේ.
ඒ අනුව මත්ද්‍රව්‍ය භාවිතයට වැරදිකරුවන් වූ රැඳවියන් 8000 ක් පොදු සමාව යටතේ නිදහස් කිරීමට අවධානය යොමු වී ඇති අතර එම රැඳවියන් දින 10 ක් ඇතුළත නීතිපතිවරයාගේ උපදෙස් මත පුනරුත්ථාපනය කිරීම සඳහා කන්දකාඩු සහ බෝගම්බර බන්ධනාගාර වෙත යොමු කිරීමටත් මෙහිදී තීරණය වී ඇත.
මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ,යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා,පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න,සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය යන මහත්වරු සහභාගී වී තිබුණි.


