වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කරනු ලබන සියලුම සංචාරක නිවාස හා කඳවුරු බිම් සංචාරක කටයුතු අද (04) සිට සංචාරකයින් සඳහා විවෘත කිරිමට තීරණය කර තිබේ.
දෙසැම්බර් මාසයට අදාළ ව සංචාරක නිවාස හා කඳවුරු බිම් කලින් වෙන්කර ගත් සංචාරකයින්ට නියමිත දිනයන්හි ඒවායේ නවාතැන්ගැනිමේ හැකියාව පවතින අතර නොවැම්බර් මස 02 වනදා සිට දෙසැම්බර් මස 03 වන දින දක්වා වෙන්කර ගැනිම් සිදුකළ සංචාරකයින්ට එම දිනයන් වෙනුවට ලබන මාර්තු මස 31 වන දින දක්වා අතර කාලය තුළ දින වෙන් කර ගැනිමේ හැකියාව ඇත.
එමෙන්ම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන සියලුම සංචාරක නිවාස වල හා කඳවුරු බිම්වල නවාතැන් ගන්නා සියලු සංචාරකයින් කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් පනවා ඇති කොන්දේසිවලට යටත් විය යුතු බව වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.