නැගෙනහිර සංවර්ධනයට රටවල් එකතු වෙයි

බුරවී කුණාටුව පහව ගොස් තිබුණත් පසුගිය දින කිහිපය මෙම සුළි කුණාටුවත් සමඟ රටම කම්පනයට පත් විය. ඒ සම්බන්දයෙන් නැගෙනහිර පළාත සුදානම් වූ ආකාරය සහ නැගෙනහිරට අදාල කාලින ගැටළු කිහිපයකට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මිය අප සමඟ දැක්වූ අදහස් කිහිපයකි මේ.

බුරවි සුළි කුණාටුවට මුහුණ දෙන්න සැලසුම් හැදුවේ කොහොමද ?
බුරවී කුණාටුවෙන් නැගෙනහිර පළාතට වැඩි ආපදාවක් සිදු විය හැකි බවට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීමත් සිදු කලේ මින් ඉහතදී. එකත් එක්ක කල් වේලා ඇතිවම පළාතේ ජනතාවට සිදු විය හැකි එම අවදානම අඩු කර ගැනීම සදහා සෑම උත්සහයක්ම ගත්තාය. ඒ අනුව පසුගිය පළාත් අධ්‍යාපන බලධාරීන්මේ, පළාත් ප්‍රධාන ලේකම්, පළාත් අධාපන ලේකම් වැනි පිරිස් සමඟ කතා කළා. මුලිකවම මේ අවධානම ඇති වුවහොත් අපිට ජනතාව රදවගන්න පාසල් පාවිව්වි කරන්න වෙනවා. ඒ නිසා අපි ඉදිරි දවස් තුනෙහි පාසල් ටික වහන්න තීරණය කළා. අනතුරුව බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින පාසල් වසා දැමීමට තීරණය ගත්තා.

පාසල් වල පවුල් රැඳවීම එක්ක කොවිඩ් පැතිරෙන්න පුළුවන් නේද ?
ඔව් මේක කල්පනා කළා. යම් ලෙසකින් මේ විපතින් අවතැන් වන ජනතාව පාසල් වල නතර කළොත් කෝවිඩ් -19 සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනිවාර්යෙන් පිළිපදින්න කියලා ජනතාව දැනුවත් කරන්න වැඩපිළිවෙලක් දියත් කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි. එක පංති කාමරයක් එක පවුලක් සදහා වෙන් කරන්න අපි කලින්ම තීරණය කළා. එක දවසයි එසේ ජනතාව පාසල් වල රැදුණේ. ඔවුන් දැන් නිවෙස් වල. සුදුදා පාසැල් නැවත ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් කොවිඩ් සදහා වන සෞක්‍ය ආරක්ෂණ වැඩපිළිවෙල වල දිගටම ක්‍රියාත්මක වෙනවා.

එතකොට මුහුදු බඩ ජනතාවගේ ආරක්ෂණය ?
ඒ සදහා අවශ්‍ය පියවර ගැනීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දුන්නා. මුහුදු බඩ ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ගෙන යාමේදි ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සහ වියළි සලාක ලබා දීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සිදු කළා. බදාද රාත්‍රිය වන විට සුළි කුණාටුව ත්‍රිකුණාමලයෙන් රටට ඇතුළු වන බවට කාළගුණ අනාවැකි පළවීමත් සමග එදින පෙරවරුවේ ත්‍රිකුණාමලය වෙරළ ආසන්නයේ ජිවත් වන ධීවර ගම්මාව වල වැසියන් ආරක්ෂිත ස්ථාන කරා යොමු වී ඇත්දැයි සොයා බැලීමට මම එහෙ ගියා. සියල්ල හොදින් සැලසුම් වී තිබුණා. පෙර සුදානම නිසා අවදානම අඩු කර ගැනීමට හැකි වුණා.

එම අවස්ථාවේ ධිවර ජනතාවගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද ?
මිනිස්සු කිවුවේ වෙන කිසිම කෙනෙක් මේ වගේ වෙලාවට අපි ගැන හොයන්න ඇවිල්ලා නෑ මැඩම් මෙක තමයි පළවෙනි වතාව කියලා. අපි ඔබතුමියට ස්තූති වන්ත වෙනවා” ධීවරයෙන් කීවේය. හැන්දෑ වන කොට ආරක්ෂිත ස්ථාන වලට යන්න ගෙවත් වල කවුරුත් ඉන්න එපා අවශ්‍ය කෑම බීම සියළු දේවල් අපි සූදානම් කරලයි තියෙන්නේ” කියන පණිවිඩේ දීලා දවස පුරා නිළධාරීන් සම්බන්ධ කර ගනිමින් ජනතාව මෙම ආපදාවෙන් බෙරා ගැනීම සදහා කටයුතු කළා.

ඔබව මේ දින වල විදෙස් තානාපතිවරු කිහිපදෙනෙකු මුණ ගැසුනා නේද ? නැගෙනහිර සංවර්ධනයට එමඟින් සිදුවන දේ මොනවද ?
ප්‍රංශ, ඇෆ්ගන් තානාපති සහ රුසියානු තානාපති. මගේ ත්‍රිකුණාමලය කාර්යාලයේදි. එම රට වල සහයෝගය නැගෙනහිර පළාතට ලබා ගැනීම කෙරෙහි තමයි දීර්ඝ ලෙස සාකච්ඡා කලේ. එහිදී සංචාරක කර්මාන්තය ගොඩ නැගීම, සෞක්‍ය කටයුතු, කාන්තාවන් සවිබල ගැන්වීම්, අධ්‍යාපන ශේෂ්ත්‍රයේ ගොඩනැගීම කෙරෙහි විශේෂ අවධානයක් දැක්වුවා. ඇෆ්ගන් සමඟ අත්සන් කර ඇති MOU දීර්ඝ කිරීමට බලාපොරොත්තු වෙනවා. නැගෙනහිර පළාතේ සංවර්ධනයට සැලසුම් හදනවා. ඒ ගැන ඉදිරියේදී කියන්න පුළුවන්.

නැගෙනහිර ජනතාව වැඩි මිලට සහල් ගැනීම ගැන පැමිණිල්ලක් තිබ්බා. ගොවීන්ට නිසි වැඩපිළිවෙලක් තියෙනවද?
වී මෝල් හිමියන් හමුවේ ගොවීන් මෙසේ අසරණභාවයට පත් ව ඇත්තේ වී තොග රැගෙන රජයේ ගබඩා වෙත යෑමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නොමැති නිසා. වෙරුගල් ප්‍රදේශයේ ගොවීන්ට සිය ගමනාගමන කටයුතු සිදු කර ගැනීම සදහා කට්ටයාරු සහ පුන්නෙයිඅඩි පාලම් අලුත්වැඩියා කිරීමේ අවශ්‍යතාවය දැඩිව පවතින ගැටළුවක්. ග්‍රාමීය සංවර්ධන අරමුදල හරහා එම අලුත්වැඩියා කටයුතු සිදු කර දීමට අවශ්‍ය කටයුතු සුදානම් කරලා තියෙන්නේ. රු.50ක වී පාලන මිල යටතේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්ක වල වී අලෙවි මණ්ඩලය යටතේ වී මෙට්ට්‍රික් ටොන් 7400ක් සහ කුඩා වී මෝල් හිමියන් මගින් වී මෙට්ට්‍රික් ටොන් 3400ක් ලබා ගෙන තියෙනවා. නැගෙනහිර පළාතේ පසුගිය කන්නයේ වී නිෂ්පාදනය මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 8ක්. රජය විසින් ලබා ගන්නා එම වී තොග ප්‍රවාහනය කෙටවුම් පැටවීම සහ ඇසුරුම් කිරීම් සදහා යන වියදමද ඇතුළුව ගණන් බැලීමේ දී සහල් කිලෝවක නිෂ්පාදන මිල රු.95ක් පමණ වෙතැයි ගණන් බැලීමේ දී සහල් කිලෝවක විකුණුම් මිල රු.98ක් ලෙස පාලන මිලක් යෙදීම සුදුසු යැයි ද ?
නමුත් මාස 2කට පෙර සහල් කිලෝවක් රු.90ක් ලෙස පාලන මිලක් යෙදීමට රජය කටයුතු කළේ කෝවිඩ් 19 වෛරසය නිසා ජන ජීවිතය අඩාල වීමෙන් ජනතාව පීඩාවට පත්වුණා. ඒ මොහොතේ රජය ගත් එම තීරණය වඩාත් අවස්ථානුකූලයි. මේ අතර කාබනික වී ගොවිතැන සදහා ගොවීන් යොමු කිරීම යුගයේ අවශ්‍යතාව වන අතර එම වී නිෂ්පාදන ගොවින්ගෙන් මිළදී ගෙන රු .175ක මිලකට වෙළදපොළට නිකුත් කළ හැකි බව දිසාපතිවරුන් පෙන්වා දීලා තියෙන්නේ.

නැගෙනහිර පළාතේ රජයේ ඉඩම් වල බදු නොගෙවීම් ප්‍රශ්ණයත් කාලයක් පුරාවට කතා වෙනවා ?
ඔව් මේ ගැන දිගටම බැලුවා. අපි අදත් මේ ගැන එක් රාජ්‍ය ආයතනයක් සමග සාකච්ජා කළා. ඔවුන් සහන කාලයක් ඉල්ලුම් කරලා තියෙනවා. කොහොමවුණත් දීර්ඝ කාලීන බදු පදනම මත ලබා ගෙන ඇති නැගෙනහිර පළාතේ ඉඩම් වල බදු පැහැර හරිනවා නම් එකී සමාගම් සඳහා නඩු පැවරීමට කටයුතු කරනවා.

  • අශන්ති වරුනසුරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.