සියලුම පොලිස් නිලධාරීන්ගේ අතිරේක දීමනාව (බටා) වැඩි කර ආහාර සඳහා ද ගෙවීමක් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී පැවසීය.
දැනට පොලිස් කොස්තාපල්වරයෙකුට අතිරේක දීමනාව ලෙස ගෙවන්නේ රුපියල් නවදහස් අටසියයක් සහ රුපියල් එකොළොස් දහස් දෙසීයක් අතර දීමනාවක් බව කී ඇමැතිවරයා ප්රධාන පොලිස් පරික්ෂකවරයෙකුට රුපියල් දාහතර දහසක අතිරේක දීමනාවක් ලැබෙන අතර මෙම මුදල වැඩි කිරීම සඳහා කැබිනට් අනු කමිටුවක් පත්කර ඇතැයි ද එහි නිර්දේශ මත දීමනා වැඩි කරන බව ද ඔහු ඊයේ (03වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.
ත්රීවිධ හමුදා සාමාජිකයන්ට ලබා දෙන ආකාරයට පොලිස් නිලධාරීන්ටද ආහාර දීමනාවක් ගෙවීමට කටයුතු කරන බව වැඩි දුරටත් ඔහු පැවසීය