අටලුගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු රැගෙන යාම සඳහා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගැසූ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 17 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් පසු ලද නියෝගයක් අනුව මෙම සැකකරු අද පෙරවරු 9.20 ට පමණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සිද්ධිය වීඩියෝ ගත කර ඇති අතර නිරෝධායන පනත සහ රාජ්‍ය සේවකයෙකුගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ ඔහුට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.