මනුලොව පෙරළි කරන යක්කු “ගින්දරී 3” ලඟදීම

උදයකාන්ත වර්ණසූරිය නිර්මාණය කළ “බහුබූතයෝ” චිත්‍රපටය දේශීය චිත්‍රපටයේ කතා සංකල්පය, නිර්මාණය, රංගනය ඇතුළු සියල්ල නිසා ප්‍රේක්ෂකයින් මේ චිත්‍රපටයට ආකර්ෂණය ලක්විය.

එහි දෙවැනි පියවර ලෙසින් බහුබූතයෝ 2 – ගින්දරී නිර්මාණය වුණෙත් බහුබුතයෝ එතරම් ජනප්‍රිය වූ නිසා එහි දෙවැනි චිත්‍රපටය නිර්මාණය වෙමින් එයද ඒ ආකාරයෙන්ම ජනප්‍රිය විය. මේ චිත්‍රපට මාලාවේ තුන්වැනි පියවරත් ඔබට ගෙන ඒමට සිනමාවේදී උදයකාන්ත වර්ණසූරිය සූදානම්ව සිටියි.

එය ගින්දරී – 3 නමින් නම්කොට ඇති අතර සුපුරුදු පරිදි ගින්දරි ලෙස පබෝධා සන්දීපනී සහ බන්ටි සහ ලැන්ටි ලෙස මහේන්ද්‍ර පෙරේරාත්, රොඩ්නි වර්ණකුල ප්‍රධාන ශිල්පින් ලෙස රංගනයෙන් දායක වේ.

මේ චිත්‍රපටයේ කතාව, තිර රචනය, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය උදයකාන්ත වර්ණසූරිය විසින් ද චුලක්ෂි රණතුංග, ශ්‍රීනාත් මද්දුමගේ, සමන් හේමරත්න, රිචඩ් මානමුදලි, ටීනා ෂනල්, සුනීතා විමලවීර, චන්චලා වර්ණසූරිය, නිල්මිණි කෝට්ටගොඩ, සරත් කොතලාවල, දිලිප් රෝහණ, ආනන්ද අතුකෝරල ඇතුළු නළු නිලි පිරිසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වේ.

කේ. ඩී. දයානන්ද විසින් මෙහි කැමරා අධ්‍යක්ෂණය සිදුකළා. සංස්කරණය ප්‍රවීන් ජයසිංහගෙන්. අරුන් ඩයස් කලා අධ්‍යක්ෂණයෙන්, ඩොනල්ඩ් ජයන්ත සහය අධ්‍යක්ෂණයෙන්, ආනන්ද පෙරේරා සංගීත නිර්මාණයෙන්, නලින් ප්‍රේමතිලක වේශ නිරූපණයෙන්, ගින්දරී 3 චිත්‍රපටයට දායක වේ

මනු ලොව පෙරළි කරන යක්කු ගින්දරි 3 ලඟදීම දිවයින පුරා සිනමාහල් වල තිරගත වීමට නියමිතය.

  • අශ්වරු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.