කොරෝනා වෛරසය ආසාදිතව සිදුවූ තවත් මරණ 5ක් ඊයේ තහවුරු වීමෙන් මෙරට මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 129ක් දක්වා ඉහළ ගියේය.
කොලොන්නාව ප්රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි කාන්තාවක්, කොළඹ 12 ප්රදේශයේ පදිංචිව සිටි 89 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 10 ප්රදේශයේ පදිංචිව සිටි 85 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 10 ප්රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 02 ප්රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇත. ඉන් දෙදෙනෙක් රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇති අතර එක අයෙක් නිවසේදී මරණයට පත්ව ඇත.
ඊයේ (03) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 277 දෙනෙක් හඳුනාගැනීමෙන් ඊයේ දිනය තුළ දී හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 627ක් විය. මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 22,488කි