පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට නිසි දඬුවම් ලබාදීමට වත්මන් ආණ්ඩුව පසුබට වන්නේ නම් විකල්ප ක්රියාමාර්ගයකට එළඹීමට සිදුවන බවත් වෙනත් කණ්ඩායමකට එහි විමර්ශන සිදු කිරිම පැවරිමට සිදුවන බවත් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.
එසේම පාස්කු ප්රහාරයට යුක්තිය ඉටුවන තෙක් මෙරට කතෝලික ජනතාව අවදියෙන් සිටින බවද උන්වහන්සේ පැවසුහ.
යළිදු මෙරට තුල අන්තවාදි ආකල්ප තුළින් අන්තවාදින් බිහිවි මෙරට සාමය බිඳ දැමිමට ඉඩ නොදිම රජයක වගකීම බවද උන්වහන්සේ කියා සිටියහ.
මෙම ප්රහාරය පිටුපස ඇති දේ කාපට් අස්සේ සැගවිමට උත්සාහ නොකළ යුතු බවත් එවැනි දෙයක් රජයෙන් බලාපොරොත්තු නොවන බවත් උන්වහන්සේ මෙහිදි පැවසුහ.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවද මේ පිළිබඳව විධිමත් විමර්ශන සිදු කරනු ඇති බවට බලාපොරොත්තු වන බව පැවසු කාදිනල් හිමියෝ කියා සිටියේ පාස්කු කොමිසමෙන් පමණක් නොව අනෙකුත් ආයතන හරහාද මෙම ප්රහාරයේ පරික්ෂණ කටයුතු සිදු කල යුතු බවය.