යුරේනියම් යලි බලගැන්වීමට ඉරානය සුදානම්

 

සිය රට තුළ ඇති න්‍යෂ්ඨික පරිශ්‍රවල සිදු කරන නිරීක්ෂණ කටයුතු වැලැක්වීමටත් යුරේනියම් යලි බලගැන්වීමටත් ඉරානය පියවර ගෙන තිබේ.

ඊට අදාල නව නීතියකට ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව ඔවුන් මෙම පියවරගෙන ඇත

කෙසේ වෙතත් එම නීතිය ක්‍රියාත්මක  කිරීමට තමන් විරුද්ධ බව  ඉරාන ජනාධිපති හසන් රුහානි කියා සිටියි.

මෙම නීතිය පැමිනියේ ඉරානයේ ඉහලම  න්‍යෂ්ඨික විද්‍යාඥයෙකු වූ මොහ්සන් ෆක්රිසාදේ ගේ ඝාතනයෙන් පසුවය.

අපසුගිය සිකුරාදා ටෙහෙරාන් අගනුවරින් පිටත මාර්ගයක දී එල්ල වූ  ප්රහාරයකින් මොහ්සන් ෆක්රිසාදේ මිය ගියේය.

ඉරානය විශ්වාස කරන්නේ ඊශ්රායලය සහ පිටුවහල් කරන ලද විපක්ෂ කණ්ඩායමක් මෙම ඝාතනයට වගකිව යුතු බවයි.

ඉරානයේ න්යෂ්ටික වැඩපිළිවෙලෙහි ෆක්රිසාදේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය.

2015 වසරේදී ඇතිකරගත් ඉරාන න්යෂ්ටික ගිවිසුමෙන් ඇමරිකාව 2018 වසරේදී ඉවත් වූ අවස්ථාවේ ඉරාන ඛණිජ තෙල් හා මූල්ය ක්ෂේත්රයට පැනවූ සම්බාධක ලිහිල් කිරීම සඳහා අදාල ගිවිසුමේ යූරෝපීය පාර්ෂවයන්ට මාස දෙකක කාලයක්  ලබාදීමට ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව ඇත.

නියමිත දිනට සම්බාධක ලිහිල් නොකළ හොත්, යුරේනියම් බලගැන්වීම 20% දක්වා ඉහල නැංවීමට ඉරානය පියවර ගන්නා අතර එක්සත් ජාතීන්ගේ පරීක්ෂකවරුන්ට න්යෂ්ටික පරිශ්ර වලට පිවිසීම ද අවහිර කරනු ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.