ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක පාකිස්තානු ක්රීඩක ෂහීඩ් අෆ්රීඩි සිය දියණිය අසනීපවීම නිසා පාකිස්තානය බලා යළි පිටත්ව ගොස් තිබේ.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කළේ තමන් නැවත ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරඟාවලිය සමඟින් එක් වන බවය.
සිය දියණිය අසනීප තත්ත්වයක් හේතුවෙන් ෂහීඩ් අෆ්රීඩි මෙලෙස හදිසියේ පාකිස්තානය බලා පිටත්ව යාමට තීරණය කර තිබුණි.
ඒ හේතුවෙන් අෆ්රීඩි වෙනුවට අද (03) තරඟයේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට භානුක රාජපක්ෂ නායකත්වය ලබා දුන්නේය
මේ අතර ලංකා ප්රිමියර් ලීග් පන්දුවාර 20 ක්රිකට් තරඟාවලියේ, සහභාගී වු තරග 3ම ජය ගනිමින් ජැෆ්නා ස්ටැලියොන්ස් කණ්ඩායම ඉදිරියට පැමිණිමට සමත් වී තිබේ.