මහර බන්ධනාගාරයේ ඇති වූ නෙසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට 26 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙසැම්බර් 1 වන දා සිට විමර්ශන ආරම්භ කල අතර ඊයේ දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ප්‍රකාශ 26 ක් පමණ අදාළ සිදුවීම සම්බන්ධයෙන් සටහන් කර ගෙන ඇත.
විශේෂයෙන්ම බන්ධනාගාර රෝහලේ සේවය කළ වෛද්‍ය නිලධාරීන් 8 දෙනෙකුගේ ඒ වගේම පිරිමි හෙද නිලධාරීන් දෙදෙනෙකුගෙන් ද බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ඇතුළු තවත් නිලධාරීන් 10 දෙනෙකුගේ ද බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර නැවත බන්ධනාගාර ගත කරන ලද රැඳවියන් 6 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
තවදුරටත් මේ ගැන පරීක්ෂණ පැවැත්වේ.