“බුරවි“ සුළි කුණාටුව ලංකාවට ඇතුළු වීමෙන් බරපතළ හානි සිදුවු බවට තවමත් වාර්තා වී නොමැති වුවත් දිස්ත්‍රික් කළමනාකරණ ඒකක ගස් කඩාවැටීම් ආදි හානි බොහෝ තැන්වලින් වාර්තා වන බැවින් අවදානයෙන් සිටින්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එක් පුද්ගල මරණයක් වාර්තා වී ඇති අතර විශාල දේපල හානි වාර්තා නොවේ. ගස් කඩා වැටීම් හා මාර්ග අවහිරතා පිළිබඳ වාර්තා වන ඇතා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්‍රී කාලය පුරාම අනුරාධපුර සහ පොළොන්නරුව යන ප්‍රදේශවලට දැඩි සුළං සහිත වර්ෂාපතනයක් පැවති බව ද කෙසේ නමුත් සුළි කුණාටුව සමග සුළඟේ වේගය පැ.කි.මී 70 – 80 පමණ වන අතර එය විටින් විට පැ.කි.මී 90ක් දක්වා වැඩි විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
ඊයේ (02) රාත්‍රී 10.30 – 11.30 ත් අතර සුළි කුණාටුව ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළ තීරයේ තිරියායි සහ කුච්චවේලී අතරින් ගොඩබිමට ඇතුළු විය.
මෙය ක්‍රමයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන්කර මන්නාරම් බොක්ක වෙත අද උදය වරුවේ ගමනු කරනු ඇතැයි ද එම පද්ධතිය හේතුවෙන් පූනරින් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ, උදම් රළ මට්ටමට වඩා මීටරයක් පමණ ඉහළ යා හැකි බවත් එමෙන්ම වෙරළාසන්න පහත්බිම් මුහුදු ජලයෙන් යට විය හැකි බවත් කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.