තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 124ක් දක්වා ඉහළ ගොස් තිබේ.
හලාවත ප්රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 13 ප්රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇත.
අද (02) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 528 දෙනෙක් හමුවී ඇති අතර අද හමු වී ඇති ආසාදිතයින් ගණන 878ක් ලෙස දැක්වේ. වාර්තා වී ඇති ආසාදිතයින් මීට පෙර හමු වූ ආසාදිතයින්ගේ අශ්රිතයින්ය.