බැසිල්ට පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවතට

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනම අද ගම්පහ මහාධිකරණය විසින් ඉවත් කර ඇත .

ඔහුට මෙම විදෙස් ගමන් තහනම පනවා තිබුණේ, දොම්පේ මල්වාන ප්‍රදේශයෙන් අක්කර 16 ක ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක් සහ නාන තටාකයක් ඉදිකර රජයේ මුදල් අවභාවිත කිරිමේ චෝදනා සම්බන්ධයෙන් විභාග වන නඩුවකට අදාළවය.

ලබන මාර්තු මස 12 වැනි දා ගම්පහ මහාධිකරණය හමුවේ පෙනී සිටිමේ කොන්දේසි මත හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ විදෙස් ගතවීමේ තහනම ඉවත් කරන බව නියෝග කළ ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා ඒ බව ආගමන විගමන පාලක වෙත දැනුම් දෙන ලෙස ද නියෝග කළේ ය.

2015 ජනාධිපතිවරණය සඳහා දිවිනැගුමෙන් අයථා මුදල් පරිහරණය කිරිම සම්බන්ධයෙන්ද චෝදනා ලැබු බැසිල් රාජපක්ෂ මහතාට විදස් ගමන් තහනමක් පනවා තිබු අතර පසුගිය 23 වැනිදා කොළඹ මහාධිකරණය විසින් එම සංචාරක තහනම ඉවත් කරන ලදි

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.