තුන්වන සහ අවසාන එක්දින තරඟයෙන් ඔස්ට්‍රේලියාව පරදවා ලකුණු 13ක තියුණු ජයක් ලැබීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වුවද තරඟාවලිය 2-1ක් ලෙස ජයගැනීමට සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය .
තරගය පැවැත්වුනේ කැන්බරාහීදිය
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම තම ඕවර 50දී කඩුලු 5ක් දැවී ලකුණු 302ක් රැස් කළේය.
හර්තික් පාන්ඩ්යා නොදැවී ලකුණු 92ක් රැස්කළ අතර රවින්ද්‍ර ජඩේජා නොදැවී රැස්කළ ලකුණු ගණන 66කි.නායක විරාත් කෝලි ලකුණු 63යි.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 289ක් රැස්කළේය.
ආරොන් ෆින්ච් ලකුණු 75යි. ග්ලෙන් මැක්ස්වෙල් රැස්කළ ලකුණු සංඛ්‍යාව 59කි.
පන්දු යැවිමේදි ශර්ඩුල් තකූර් කඩුලු 3ක් ලබාගත්තේය.