ඉන්දික ශ්‍රී අරවින්ද
සැෂේ පැකට්වල අඩංගු ආහාර හා ඖෂධ නොවන සියලු නිෂ්පාදන සහ කොට්න් බඩ් ලබන වසරේ ජනවාරි මුල සිට තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ රුපියල් මිලියන 960 ක වටිනාකමකින් යුත් සැෂේ පැකට්වල අඩංගු ෂැම්පූ, හෙයාර් ඩයි හා හෙයාර් ජෙල් වර්ග මෙරට ජනතාව වසරක් තුළ භාවිත කරන බවයි.
පරිසරයට අතිශයින් අහිතකර සැෂේ පැකට් වෙනුවට විකල්ප නිෂ්පාදන කෙරෙහි මධ්‍යම පරිසර අධිකාරියේ අවධානය යොමුවූ බවද මේවා තහනම් කිරීමට පෙර එම ව්‍යාපාරවල නිරතවන පිරිස් මුහුණදෙන ගැටලු පිළිබදව ද සාකච්ඡාකර ඔවුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ජයසිංහ මහතා පවසයි.
ඒ අනුව මෙම නිෂ්පාදන ඇසුරුම් කිරීම සඳහා ආදේශක ඉදිරිපත් කරන ලෙසට මහජනතාවගෙන් ඉල්ලීමක් කරන අතර ඒ වෙනුවෙන් පරිසර හිතකාමී නිෂ්පාදන වෙළඳ පොළට නිකුත් කිරීමට අවස්ථාව හිමි වෙනු ඇත.
සංඛ්‍යා ලේඛණ වාර්තා අනුව රුපියල් ලක්ෂ 26 ක ෂැම්පූ, හෙයාර් ජෙල් හා හෙයාර් ඩයි සැෂේ පැකට් දිනකට අලෙවි කෙරෙන අතර භාවිත කිරීමෙන් පසු අදාළ පැකට් කිසිදු සැළකිල්ලකින් තොරව පරිසරයට මුදාහැරෙන බැවින් එය බරපතල ගැටලුවක්ව පවතින බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා පවසයි.