මහේන්ද්‍රන් මෙරටට ගෙන්වීමට නීතිපති වාර්තා හෙට වනවිට

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් කැඳවූ වාර්තාව අද (02) හෝ හෙට (03) ලැබෙනු ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු අද මේ බව සඳහන් කළේය.

මේ අතර ප්‍රශ්නයක් යොමුකරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාරන මහතා විසින් නඩු පිළිබදව සිදු කල විමසීමේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, මේ අය අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගේන්න කියලා සිංගප්පූරුවෙන් ඉල්ලීමක් කළා. තොරතුරක් ලැබිලා තියෙනවා ද? ඇසූ විට අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා, ඒ සම්බන්ධයෙන් යම් වාර්තාවක් මම ඉල්ලලා තියෙනවා ලිඛිතව නීතිපතිතුමාගෙන්. ඒ වාර්තාව අද හෝ හෙට මට ලැබෙයි. යම් දෙයක් වෙලා තියෙනවා කියලා මට තොරතුරු ලැබුණා. නීතිපතිතුමාගෙන් ඒකට පිළිතුරු ලැබුණම මම ඒ පිළිබඳව පිළිතුරුක් දෙන්නම් යනුවෙන් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.