ආපදාවන්ට පෙර සැලසුම් රජය විසින් සකස් කර අවසන්

අශන්ති වරුනසුරිය

දිවයිනට බලපවත්වනු ඇතැයි අනතුරු අඟවා ඇති සුළි කුණාටුවෙන් ඇතිවිය හැකි හානි අවම කර ගැනීමට අවශ්‍ය සැලසුම් රජය අදාළ පාර්ශව සියල්ල සුදානම් කර ගනිමින් දියත් කර ඇති බව ආක්ෂක ලේඛම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පවසයි. ඒ අනුව මිනිස් ජිවිත ආරක්ෂා කර ගැනීම පළමු පරමාර්ථය කර ගෙන භෞතික දේපල ආරක්ෂාව දෙවනුවත් ගෙන සැලසුම් දියත් කර ඇත.

අප කල විමසුමට පිළිතුරු දෙමින් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසුවේ, හමුදා, පොලිස්, නාවික ත්‍රිවිධ හමුදාව ආපදා කමනාකරන මධ්‍යස්ථානය මෙන්ම ග්‍රාම නිලධාරීන් ප්‍රාදේශීය සභා සියල්ල දැනුවත් කර සහන කටයුතු පරිපාලන කටයුතු මධ්‍යස්ථාන පහසුම්, ආපදාවන්ට ලක්වුවන් නැවත ප්‍රතිෂ්ඨාපනය නැවත ජිවිත ආරම්භ කිරීම යන කරුණු සියල්ලට අදාලව රජය කටයුතු සුදානම් කර ඇති බවය. ආපදාවට පෙර සුදානම වඩාත් වැදගත් බව ද ඔහු අවධාරණය කළේය.

එහිදී චක්‍ර ලේඛ මත ප්‍රමාද නොවී ජනතාවට අවශ්‍ය දේ සම්පාදනය කර දීමට ද රජය කටයුතු කරන බවද ආරක්‍ෂක ලේඛම් වරයා සදහන් කළේය. සුළි සුළං තත්වය පිළිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මින් ඉහතදී ද දැනුම් දුන් අකාරයෙන් කුණාටුව යන ගමන් මඟ ඔස්සේ ද වැසි වලින් නායයාම් සහ ක්‍ෂණික ගංවතුර තත්වයන් ඇති විය හැකි ප්‍රදේශ අදුරාගෙන ඒවාට අවශ්‍ය කටයුතු සැලසුම් කිරීම් මින් ඉහතදී සිදු ඇත. ඒ අනුව සෞක්‍ය අංශ දිසාපතිවරුන් ද දැනුවත් කර ආපදාවන්ට සුදානම් කර තිබේ.

සියල්ල සමඟ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ලබා දෙන නිවේදන වලට සවන් දී ජනතාවට ලබා දී ඇති මාර්ගෝපදේශ පිළිපදින ලෙසටද ඔබට දී ඇති ආරක්‍ෂිත ස්ථාන වලට යන ලෙසටත් ඔබට හානිය අවම කර දීමට අපි බැදී සිටින බවද ඉල්ලා සිටියි.

මුහුදු වෙරළේ සහ තොටුපළවල් ආශ්‍රිතව නවතා ඇති කුඩා යාත්‍රා, ගොඩට ඇඳගත හැකි උපරිම ප්‍රමාණයට රැගෙන ස්ථීර ලෙස ගැට ගසා තබන ලෙසට සියලු වෙරළාසන්න යාත්‍රාහිමියන්ට කඩිනමින් දැනුවත් කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සියලු දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරුන් හා සියලු කොට්ඨාස භාර ධීවර නිලධාරීන් වෙත දන්වා තිබේ. එමෙන්ම, උතුරු සහ නැගෙනහිර පළාතේ සියලු දිස්ත්‍රික්කවල සහකාර අධ්‍යක්ෂකවරුන් විසින් හෙට (03) දින උදය කාලයේ දී සියලු කොට්ඨාස භාර නිලධාරීන් සහ ධීවර ප්‍රජාව සම්බන්ධීකරණය කරමින් තව දිස්ත්‍රික්කය තුළ වෙරළාසන්න යාත්‍රා ගොඩබිම දෙසට ඇද තබා ස්ථීරව තැබීමේ වැඩසටහනක් සංවිධානය කළ යුතු බව ද වැඩිදුරටත් දැනුම් දෙයි.

මෙම අවස්ථාවේ දී ස්වභාවික ආපදාවක් හේතුවෙන් ඉතා හානිදායක ලෙස විශාල යාත්‍රා ප්‍රමාණයක් විනාශ වීම වළක්වා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බැවින් මේ සම්බන්ධව දැඩි අවධානයක් යොමුකර ධීවර යාත්‍රාවන්හි ආරක්ෂාවට වහාම කටයුතු යොදන මෙන් සියලු පාර්ශවයන් වෙත රජය දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.