උතුරු පළාතේ සියලුම පාසල් හෙට (03) සිට දින දෙකක් වසා තැබීමට තීරණය කර ඇත. “බුරවී“ සුළි කුණාටුව ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමට ඇති හැකියාව මත සිදුවිය හැකි ආපදා තත්ත්වය හේතුවෙන් එම තීරණය ගෙන ඇත.
මේ අතර නැගෙනහිර පළාතේ සියලුම පාසල් අද (02) සිට වසා දැමීමට ඊයේ (01) තීරණය කෙරිණි. මේ වන විට “බුරවි“ සුළි කුණාටුව ත්‍රිකුණාමලයට කි.මී 240ක් නැගෙනහිර ට බරව ගිනිකොණ දෙසින් ස්ථානගතව පවතී.
එය අද රාත්‍රී රාත්‍රී 7.00-10.00ත් අතර රට තුළට ඇතුළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.