ඉරාජ්ගේ ජනප්‍රියම ගීතයක් වන ආඩම්බරයි බැලුවම ගීතය ඉන්දුනීසියාවේ ටික්ටොක් හි සමාජ මාධ්‍යයන්හි විශාල වශයෙන් ප්‍රචාරණය වී ඇත. පසුගිය නොවැම්බර් 29 වන ඉරිදා වන විට, මෙම ටික්ටොක් අභියෝගයට මිලියන පහක් (5) පමණ මෙම ගීතය නරඹා ඇත. ඉන්දුනීසියාව පුරා ටික්ටොක් පරිශීලකයින් විසින් මේ අභියෝගය සදහා වීඩියෝ එක්ලක්ෂ හතළිස් දහසකට (140,000) වැඩි ප්‍රමාණයක් අන්තර්ජාලයට මුදාහැර ඇත.
මෙම ටික්ටොක් අභියෝගය ඉදිරි සති කිහිපය තුළ නැගෙනහිර ආසියාව පුරා පැතිරෙනු ඇතැයි සමාජ මාධ්‍ය විශේෂඥයින් අනාවැකි පළ කරයි. මෙය ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ටික්ටොක් හි ජාත්‍යන්තරව පැතිරුණු පළමු ශ්‍රී ලාංකික සිංහල ගීතයයි.
ටික්ටොක් යනු මිලියන 800 ක ක්‍රියාකාරී පරිශීලකයින් සිටින වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාවකි. මෙහි සක්‍රීය පරිශීලකයින් බිලියනයක් පමණ සිටියි. ජනප්‍රිය සිංහල පොප් ගායිකා සුරේනි ද මේල් සහ රැපර් කිලර් බී ගායනයෙන් සහ රංගනයෙන් දායක වූ ජනප්‍රිය සංගීතඥ ඉරාජ් වීරරත්න විසින් නිෂ්පාදනය කරන ලද ආඩම්බරයි බැලුවමනම් ගීතය 2008 දී එළිදක්වන ලදී.
ඉරාජ් බොහෝ විට ශ්‍රී ලංකාවේ ආර්එන්බී සහ හිප්-හොප් සංගීතයේ අවිවාදිත රජු ලෙස නමක් දිනාගෙන ඇති අතර දිවයිනේ ඩිජිටල් හා සමාජ මාධ්‍යවල පුරෝගාමියෙකු ලෙස පුළුල් ලෙස පිළිගැනීමට ලක්විය. ඔහු සාර්ථක ඩිජිටල් මාධ්‍ය අලෙවිකරුවෙකු සහ සමාජ මාධ්‍ය උපායමාර්ගිකයකු වන අතර කීර්තිමත් ඩිජිටල් මාධ්‍ය අලෙවිකරුවෙකු ලෙස දිවයිනේ සම්මාන රාශියක් දිනා ඇත. මෑතකදී ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සමාජ මාධ්‍ය පෞරුෂයට හිමි සම්මානය 2020 රයිගම්ස මාජ මාධ්‍ය සම්මාන උළෙලේදී ඉරාජ් විසින් හිමිකරගන්නා ලදී .
මීට පෙර ඔහු 2017 වසරේදී එටිසලාට් ආයතනය සංවිධානය කල සමාජ මාධ්‍ය සම්මාන උළෙලේදී ද සමාජ මාධ්‍යවල වඩාත්ම ජනප්‍රිය සම්මානය ඔහ දිනාගෙන තිබේ. මිලියන 150 කට අධික සමුහයක් නරඹන යූ ටියුබ් චැනලයක් ඇති එකම පුද්ගලයා මොහුය, ඔහු යූ ටියුබ් වෙතින් විවිධ සම්මාන ලබා ඇත. ශ්‍රී ලංකාවේ සංගීතඥයන්, ගායකයින්, කලාකරුවන් සහ අන්තර්ගත නිර්මාණකරුවන් රාශියකගේ යූ ටියුබ් නිර්මාණය කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට ඔහු දායක වී ඇත.
ඉරාජ් මීට පෙර 2011 දී හොලිවුඞ් මියුසික් ඉන් මීඩියා සම්මාන සඳහා නම් කරන ලද අතර මෙම කීර්තිමත් සම්මානය සඳහා නම් කරන ලද පළමු ශ්‍රී ලාංකික සංගීතඥයා ඔහු විය. දෙරණ මියුසික් වීඩියෝ සම්මාන, 2010 චෙන්නායි හි ඪසව්හ ඔැකැඩසිසදබ ්අ්රාි සම්මාන උළලේදී ජනප්‍රියම ගීත යනාදිය ඔහු ලැබූ සම්මාන අතරින් කිහිපයක් වේ.