
Covid – 19 වෛරසය වැළඳී මරණයට පත්වෙන පුද්ගලයින්ගේ දේහයන් ආදාහනය කිරීමට කොවිඩ්-19 පැතිරීම වැළක්වීමේ ජාතික කමිටුව විසින් ගෙන ඇති තීරණය වෙනස් නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම වෙත ලිඛිතව දැනුම් දී ඇත.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ ඒ පිළිබඳව නැවත සලකා බලන්නේ නම් මාස 2 ක කාලයකින් අනතුරුව යළි සමාලෝචනයක් සිදු කරන බවයි.
එසේ නොමැතිව covid – 19 වෛරසය වැළඳී මරණයට පත්වෙන පුද්ගලයින්ගේ දේහයන් භුමදානයට අවසර ලබා නොදීමට රජය ගෙන ඇති තීරණය එලෙසම ක්‍රියාත්මකව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වැඩිදුරටත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම වෙත දැනුම් දී තිබේ.
එසේ නොමැතිව covid – 19 වෛරසය වැළඳී මරණයට පත්වෙන පුද්ගලයින්ගේ දේහයන් භුමදානයට අවසර ලබා නොදීමට රජය ගෙන ඇති තීරණය එලෙසම ක්‍රියාත්මකව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වැඩිදුරටත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම වෙත දැනුම් දී තිබේ.
covid – 19 වෛරසය වැළඳී මරණයට පත්වෙන පුද්ගලයින්ගේ දේහයන් ආදාහනය කිරීම අනිවාර්ය කිරීම පිළිගත නොහැකි බව දන්වමින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා අධ්යක්ෂ ජනරාල් වෙත ලිපියක් යවමින් කියා සිටියේය.
COVID-19 රෝගයෙන් මියගිය හෝ මියගිය බවට සැක කරන අයගේ ආදාහනය අනිවාර්ය කිරීම මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය හෝ සමානුපාතික නොවන බවත් එම කොමිසම ලිඛිතව දැනුම් දී තිබුණි.
මරණයට හේතුව පිළිබඳ නිශ්චිත සාක්ෂි ලබා නොගෙන මළ සිරුරු බලහත්කාරයෙන් හා ඉක්මණින් ආදාහනය කිරීම සහ පිළිගත් ආරක්ෂක පියවරයන් අනුගමනය කරමින් පවුලේ සාමාජිකයින්ට අවසන් කටයුතු සිදුකිරීමට අවස්ථාව ලබා නොදීම ආගම ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංගණය කිරීමක් බව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.