දෙමළ ඊලාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) හි අණ දෙන නිලධාරියා යැයි පැවසෙන පුද්ගලයකු සෙවීමේ මෙහෙයුමක් මැලේසියානු පොලිසිය දියත් කර තිබේ.
මොහු ශ්‍රී ලංකාවේ ප්‍රහාර ගැන ද අනතුරු අඟවා ඇත. මෙම පුද්ගලයා මැලේසියාවේ පොලිස්පති (අයි.ජී.පී.) ටැන් ශ්‍රී අබ්දුල් හමීඩ් බදෝර්ට වෙඩි තබන බවට තර්ජනය කර ඇති බව බර්නාමා ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.
බුකිට් අමන් පොලිස් මූලස්ථානයට සහ ආරක්ෂක අමාත්‍යාංශයට පහර දෙන බවට සැකකරු කියා ඇත. බුකිට් අමන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ඩතුක් හුසීර් මොහොමඩ් මහතා පැවසුවේ සැකකරු විද්‍යුත් තැපෑලෙන් තර්ජන මාධ්‍ය වෙත යවා ඇති බවයි.
දණ්ඩ නීති සංග්‍රහයේ 507 වන වගන්තිය සහ සන්නිවේදන හා බහුමාධ්‍ය පනතේ (ඒකේඑම්) 1998 හි 233 වන වගන්තිය යටතේ විමර්ශන පත්‍රිකා දෙකක් පොලීසිය විසින් ගොණු කර තිබේ.
සැකකරු මීට පෙර 4 (1) වගන්තිය යටතේ විමර්ශනය කරන ලද යැං ඩි-පර්ටුවාන් අගොං (අල්-සුල්තාන් අබ්දුල්ලා රියාතුදින් අල් මුස්තාපා බිල්ලා ෂා) ට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශයක් කළ බවට වාර්තා වූ පුද්ගලයාම බව ඔහු බුකිට් අමන්හි පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසීය.