බුරවී සුළි කුණාටුව ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමට ඉහළ හැකියාවක් පවතින බැවින් දිවයින පුරා වැසි සහ සුළං තත්ත්වයේ සැලකිය යුතු වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “බුරවී“සුළි කුණාටුව ඊයේ (01) ප.ව 23.30 වන විට ත්‍රිකුණාමලයට කි.මී 330ක් නැගෙනහිරට බරව ගිනිකොණ දෙසින් උතුරු අක්ෂාංශ 8.1ත් නැගෙනහිර දේශාංශ 84.2ත් ආසන්නව ස්ථානගතව ඇතැයි ද සුළි කුණාටුව සමග සුළඟේ වේගය පැ.කි.මී 75 – 85 පමණ වන අතර විටින් පැ.කි.මී 95 දක්වා වැඩි වී ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත පැමිණෙනු ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
තවද ඔවුන් පවසන්නේ නැගෙනහිර, උතුරු, උතුරු මැද, වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ඇතැම් ස්ථානවල මි.මී 200ට වැඩි වැසි ඇති වන බවය.
සෙසු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකිය. උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට පැ.කි.මී 80 -90 පමණ තද සුළං ද සෙසු ප්‍රදේශවල විටින් විට පැ.කි.මී 60 70 පමණ තද සුළං ඇති වේ.