ඔස්ට්‍රේලියාව සිදු කරන  ප්‍රකාශ චීනය ප්‍රතික්ෂේප කරයි

චීනය තමන්ගෙන් සමාව ගත යුතු බවට ඔස්ට්‍රේලියාව  සිදු කරන  ප්‍රකාශ බීජිං බළධාරීන් ප්‍රතික්ෂේප කර ඇත.

ඔස්ට්‍රේලියානු  සෙබළුන් විසින් ඇෆ්ගනිස්ථාන දරුවකු ඝාතනය කිරීමේ ව්‍යාජ ඡායාරූපයක් චීන රජයට අයත් ට්විටර් ගිණුමක පළවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව  දැක්වූ විරෝධයට ප්‍රතිචාර  දක්වමින් චීනය මේ බව ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් ප්‍රකාශ කලේ මෙම ව්‍යාජ ඡායාරූපය පලකරමින් සිදුකළ පිළිකුල් සහගත ක්‍රියාව සම්බන්ධයෙන් චීනය ලැජ්ජාවට පත්විය  යුතු බවය.

ඔස්ට්‍රේලියානු  සොල්දාදුවන් සිදුකළ යුද අපරාධ සම්බන්ධයෙන් එරට ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමට ඔස්ට්‍රේලියානු රජය උත්සහ දරණ බව ඊට ප්‍රතිචාර දක්වමින් චීනය ප්‍රකාශ කලේය.

2009 – 2013 අතර කාලයේදී ඇෆ්නිස්ථාන සිවිල් වැසියන් හා සිරකරුවන් 39 දෙනෙකු ඝාතනය කිරීමට ඔස්ට්‍රේයානු සොල්දාදුවන් 25 දෙනෙකු සම්බන්ධ වී ඇති බවට පසුගිය දා චෝදනා එල්ල විය.චීනය මෙම මතභේදකාරී ඡායාරූපය පළකලේ ඒ අතරතුරයි.

මේ වන විට චීනය හා ඔස්ට්‍රේලියාව අතර මතභේද උත්සන්න වෙමින් තිබේ

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.