ඉන්දික ශ්‍රී අරවින්ද
ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවු, කොවිඩ් – 19 ආසාදිතව මියගිය අයගේ මළ සිරුරු රජයේ වියදමින් ආදාහනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇත.
එවැනි මියගිය අයගේ මළ සිරුරු කිහිපයක් මේ වන විටත් රජයේ රෝහල්වල මෘත ශරීරාගාරවල එක් රැස්ව ඇතැයි රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මේ තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමුවීමෙන් අනතුරුව එවැනි මළ සිරුරු වහාම සෞඛ්‍ය හා නීති උපදෙස්වලට අනුකූලව රජයේ වියදමින් ආදාහනය කිරීමට කටයුතු කරන ලෙසයි උපදෙස් ලබා දී ඇත.
මේ සඳහා වැයවන පිරිවැය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ලබාදෙනු දීමට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇතැයි එම මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කරයි.