කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ V වන අදියරේ (JCT-V) ඉදිකිරීම අද ආරම්භ කෙරිණි.
1983 වර්ෂයේ මාර්තු මස දී ජයබහළු පර්යන්තයන් සංවර්ධනය ආරම්භ කෙරිණි. ඒ අනුව, JCT පළමු අදියර 1985 දීත්, JCT දෙවන අදියර 1987 දීත්, තුන්වන අදියර 1995 දීත් හතරවන අදියර 1996 දීත් විවෘත කෙරිණි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා ප්‍රකාශ කළේ වර්ෂ 2005 සිට 2015 දක්වා ශ්‍රී ලංකාවේ වරාය හා නාවික ක්ෂේත්රයේ පැවති ස්වර්ණමය යුගය නැවත අදින් ආරම්භ වන බවයි.
අද ඇරඹුනු JCT අදියර 05, 2022 ජූලි වන විට නිම කිරීමට නියමිත ය. මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ වටිනාකම ඇ.ඩො. මිලියන 32 කි. ව්‍යාපෘතිය සඳහා වන උපදේශනය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොන්ත්‍රාත් හා සැළසුම් ඉංජිනේරු කොට්ඨාශය විසින් ලබා දීමට නියමිත ය. ව්‍යාපෘතියේ ඉදිකිරීම් සමාගම වන්නේ චයිනා හාබර් ඉංජිනියරින් සමාගම යි(CHEC).
JCT අදියර 05 ඉදිකිරීම නිසා අත්වන ප්රතිලාභ රැසකි. ඒ අනුව, දැනට JCT 04 අදියර සඳහා පැමිණෙන දිග මීටර් 366 ක් වන නෞකාවන් සඳහා නැංගුරම් පහසුකම් ලබා දීමේ දී පර්යන්තයේ අද්දර දිග මදිවීම වැලකී යනු ඇත. ඒ අනුව පර්යන්තය ඉදිකිරීම් නිසා එක්වන මීටර් 120 ක අතිරේක දුර ප්‍රමාණය කාර්ක්ෂම හා ඵලදායි නෞකා මෙහෙයුමකට හේතුවේ.