මධුමාධව අරවින්ද පාස්කු කොමිසම හමුවට

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමසන ජනාධිපති පරික්ෂන කොමිසම හමුවට අද (01) පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා සාක්ෂි ලබාදිම සඳහා පැමිණියේය.

ඒ පාස්කු ප්‍රහාරයෙන් පසුව මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවු නොසන්සුන්තාවය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදිම සදහාය.

කෙසේ වෙතත් පාස්කු ඉරුදිනත්‍රස්ත ප්‍රහාරයෙන් පසු එම වසරේ මැයි මස 13 වන දින මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවු නොසන්සුන්තාවයට පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නියෝජ්‍ය නායක මදු මාධව අරවින්ද සම්බන්ධ බවට ජනාධිපති කොමිසමේදි පසුගිය (30) තිස්වැනිදා අනාවරණය විය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කළ නිලධාරින් ඊයේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදෙමින් කියා සිටියේ කළහාකාරි තත්ත්වයක් ඇතිවු දින මදු මාධව අරවින්ද මහතා එම ප්රදේශයේ රැදි සිට ඇති අතර එම සිදුවීමට පෙර ප්රදේශයේ විහාරස්ථානයක පැවති සැකකටයුතු ජනහමුවකටද ඔහුසහභාගි වී ඇති බවය.

කොමිසම හමුවේ සාක්ෂිදෙමින් එවකට ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයාව කටයුතු කළ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් විජේසිංහ මහතා කියා සිටියේ පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයෙන් පසු මැයි මස 13 වන දින තමන් සහ එවකට බස්නාහිර උතුරු දිසාව භාරව කටයුතු කළ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නිට්ටඹුව තිහාරිය ප්රදේශයේ මුස්ලීම් පල්ලියක සර්වාගමික නායකයින්ගේ හමුවකට සහභාගි වෙමින් සිටියදි මිනුවන්ගොඩ ප්රදේශයේ වෙළදසැල් කිහිපයකට ප්රහාරයක් එල්ල වී ඇති බව දැනගන්නට ලැබුණු බවයි.

එත් සමගම තමන් සහ නියෝජ්ය පොලිස්පතිවරයා එම ස්ථානයට පිටත් වු අතර තමන් මිනුවන්ගොඩට ළගාවන විටත් මිනුවන්ගොඩ ෆවුස් හෝටලයට සහ ගල්ඔලුව හන්දියේ නිවාස 02 කට යතුරුපැදි කිහිපයකින් පැමිණි මුහුණු ආවරණය කරගත් කණ්ඩායමක් ප්රහාරයක් එල්ල කර තිබු බව සාක්ෂිකරු කියා සිටියේය.

කෙසේ වෙතත් එම සිදුවීමෙන් පසු සමග මිනුවන්ගොඩ නගරයට එක් රැස්වු 1500 – 2000 ක පමණ පිරිසක් කළහාකාරි ලෙස හැසිරුණු බවත් ප්‍රමාණවත් නිලධාරින් සංඛාවක් නොසිටීම හේතුවෙන් පොලිසියට සහ ආරක්ෂක අංශ වලට තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වු බවත් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් සදහන් කලේය .

මෙම පහරදීම් වලදි මිනුවන්ගොඩ නගරයේ මුස්ලීම් ජාතිකයින්ගේ වෙළදසැල්ද ඇතුළුව වෙළදසැල් 24 ක් ගිනි තබා විනාශ කර තිබු අතර, වෙළදසැල් 41 කට, නිවාස 09 කට සහ මුස්ලීම් පල්ලියකට පහරදීමෙන් අලාභහානි කර තිබු බවත් ප්රදේශයේ කර්මාන්ත ශාලාවකට ගිනිතබා තිබු බවත් සාක්ෂිකරු පැවසීය .

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මිනුවන්ගොඩ ෆවුස් හෝටලයට එල්ල කළ පළමු ප්‍රහාරය මුහුණු ආවරණය කරගත් යතුරු පැදිවලින් පැමිණි කණ්ඩායමක් සිදු කිරීම සහ ඉන් අනතුරුව ප්රදේශයේ ජනතාව මුස්ලීම් ජාතිකයන්ට විරුද්ධව කළහාකාරි ලෙස හැසිරීම මත මෙය සංවිධානාත්මකව සිදු කළ ක්රියාවක් බව තමන් සැක පළ කරන බවයි.

ඉන් අනතුරුව අදාළ සිදුවීමෙන් පසු අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම භාරව කටයුතු කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි චන්දන දීප්ත ලියනගේ මහතාගෙන් ජනාධිපති කොමිසම Skype තාක්ෂණය ඔස්සේ සාක්ෂි විමසනු ලැබුවේය.

එහිදි ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදෙමින්ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා සදහන් කළේ මිනුවන්ගොඩ නගරය තුළ මෙම කළහාකාරි සිදුවීම් සිදුවී පළමු දින 03 තුළ සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකිවු බවය.

මෙහිදි රජයේ ජ්යෙෂ්ඨ අධිනීතිඥවරිය විමසා මෙම ගිනි තැබීමේ සහ පහරදීමේ සිදුවීම් පිළිබද කිසියම් දේශපාලන පක්ෂයක හෝ සංවිධානයක මෙහෙයවීමක් ඇති බව විමර්ශන වලදි ඔබට හෙළිදරව් වුයේද යන්නය.

එහිදි සාක්ෂිකරු මෙසේ සඳහන් කළේය.

” ස්වාමිනි 2019 මැයි 13 මිනුවන්ගොඩ නගරයේ ඔය නොසන්සුන්තාවය ඇතිවෙන්න කළින් වෑගොව්ව, ගල්ඔලුව ප්‍රදේශයේ ශ්‍රී සුබද්‍රාරාම විහාරයේ යම් සිදුවීම් මලාවක් වී තිබෙනවා. විහාරයේ කුඩා සාමනේර නමකට මුස්ලීම් ජාතිකයෙක් පහරදීමක් කළා කියලා පොලිසියට පැමිණිල්ලක් ලැබුණා. ඒ සිදුවීම මුල්කරගෙන විහාරස්ථානයේ ගම්වාසින් එකතුකරලා රැස්වීමක් තිබිලා තියෙනවා. ඒ රැස්වීම සංවිධානය කරලා තියෙන්නේ ජගත් නැමැති පුද්ගලයෙක්. ජගත් නැමැත්තා මදු මාධව අරවින්දගේ සමීපතමයෙක්. ඒ රැස්වීමට ඇවිත් මදු මාධව කියලා තියෙනවා ” මේ වගේ සිද්ධි වලට එරෙහිව නැගි සිටින්න ඕනේ කියලා “. කොහෝමහරි ඉන් සතියකට පස්සෙයි මිනුවන්ගොඩ නගරයේ ඔය නොසන්සුන්තාවය හටගෙන තියෙන්නේ. ඒ වෙලාවේ මුස්ලීම් ජාතික වෙළදසැල් වලට පහරදීමට වැඩියෙන්ම සම්බන්ධ වෙලා තියෙන්නෙත් අර රැස්විම තිබ්බ ගල්ඔලුව ප්රදේශයේ ජනතාව. අපේ පරික්ෂණ වලදි අනාවරණය වුණා මදු මාධව අරවින්ද ඔය මිනුවන්ගොඩ ප්රදේශයේ නොසන්සුන්තාවය ඇතිවුණ අවස්ථාවේ ඒ ප්රදේශයේ රැදී සිට තිබෙනවා කියලත්. කොහොමහරි පස්සේ අනාවරණය වුණා මුස්ලීම් ජාතිකයෙක් සාමනේර නමකට පහර දුන්නා කියන එක ගොතපු කතාවක් කියලත් ”

එසේම මෙම සිදුවීමට මදු මාධව අරවින්ද මහතාගේ ඇති සම්බන්ධය පිළිබදව සිදුවීම වන අවස්ථාවේ මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි ප්රධාන පොලිස් පරික්ෂක ප්රියන්ත ඊයේජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් මෙසේ ප්රකාශ කලේය.

” මුස්ලීම් ජාතිකයෙක් පහරදුන්නා කියලා පොඩි හාමුදුරුවෝ කියලා තියෙන කතාව බොරුවක්. ජගත් නැමැත්තාගේ ඉල්ලීම මතයි පොඩි හාමුදුරුවෝ ඒ කතාව කියලා තියෙන්නේ. කොහොම වුනත් ජාතිවාදි ගැටුම් ඇතිවෙයි කියලා ඒ සිද්ධිය දුරදිග ගෙනියන්න එපා කියලා පන්සලේ ලොකු හාමුදුරුවෝ ඉල්ලීමක් කළා. එවකට බස්නාහිර උතුර දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාත් උපදෙස් දුන්නා ඒ පරීක්ෂණය දුරදිග ගෙනියන්න එපා කියලා. සිද්ධිය ගැන මේ වෙද්දි කරලා තියෙන පරික්ෂණ වලදි අනාවරණය වෙලා තියෙනවා මදු මාධව අරවින්ද, ජගත් කියන පුද්ගලයා සමග මිනුවන්ගොඩ කලහාකාරි සිදුවීම් ඇතිවු දිනයේ අවස්ථා දෙකකදි දුරකතනයෙන් සම්බන්ධ වෙලා තියෙනවා කියලා. ඒ වගේම නොසන්සුන්තාවය ඇති වු දින මදු මාධව අරවින්ද මිනුවන්ගොඩ නගරයේ සැරිසරන අයුරු දැක්වෙන සමාජ මාධ්ය වල ප්රචාරය වු වීඩියෝ දර්ශන වලත් මදු මාධව අරවින්ද සමග ජගත් කියන පුද්ගලයා සිටින බව පොලිස් පරික්ෂණ වලදී තහවුරු වෙලා තියෙනවා. ”
මෙහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්රශ්න කර සිටියේ ” ඔය සිදුවීම සම්බන්ධයෙන් ජගත් නැමැත්තා සහ මදු මාධව නැමැත්තා කිසියම් අවස්ථාවක අත්අඩංගුවට ගැනීමක් සිදු කළේද යන්නයි.

එයට පිළිතුරු දෙමින් ප්රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ අදාළ තැනැත්තන් දෙදෙනා විසින් තමබ් අත්අඩගුවට ගැනීම වළක්වාලමින් අපේක්ෂිත ඇප අයැදුම් ලබාගෙන තිබු බවය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.