නොමිලේ මිනි පෙට්ටි බෙදන මුස්ලිම් දානපතියාට මුස්ලිම් ප්‍රජාවගෙන්ම මරණ තර්ජන

ඉන්දික ශ්‍රී අරවින්ද

කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් මරණ සඳහා නොමිලේ මිනි පෙට්ටි ලබා දෙන මුස්ලිම් ජාතික දානපති සහ “Shihara Janaza Foundaton” නමැති ස්වේච්ඡා සංවිධානයේ නිර්මාතෘ හලාල්ඩීන් මොහොමඩ් රිස්වාන් මහතාට එම ව්‍යාපෘතිය නවතන ලෙසට මරණ තර්ජන එල්ල වෙමින් පවතී.

දුරකථනය ඔස්සේ එල්ල කරන මෙම මරණ තර්ජන සම්බන්ධයෙන් මේ වනවිට පෑලියගොඩ පොලිස් ස්ථානයේ පැමිණිලි කිහිපයක්ම සිදු කර ඇති බව හලාල්ඩීන් මොහොමඩ් රිස්වාන් මහතා පවසයි. රිස්වාන් මහතාගේ මෙම පුණ්‍ය ක්‍රියාව පිළිබඳව අප Colombo Gazette වෙබ් අඩවියේ ප්‍රථමයෙන්ම පළ කරනු ලැබිය.

මෙම ක්‍රියාවට බොහෝ පිරිසක් සුබවාදීවත් ඇතැම් පිරිස් මේ ක්‍රියාව විවේචනයට ලක් කර තිබුණි. අප කළ විමසුමකදී ඔහු ප්‍රකාශ කළේ මෙම ව්‍යාපෘතිය වහාම අත්හිටුවන ලෙසත් එසේ නොකොළොත් තමාව ඝාතනය කරන බවට තර්ජන එල්ල කර තිබේ. ඔහුට මේ තර්ජන එල්ල වන්නේ තම මුස්ලිම් ප්‍රජාවගෙන් වන අතර මුස්ලිම් අන්තවාදී සංවිධානාත්මක සංවිධානයක දෙදෙනෙකු පිළිබඳව දැනටමත් හඳුනාගෙන ඇති බව රිස්වාන් මහතා පවසයි.

කවුරු කොහොම කිවුවත් කවුරු මරණ තර්ජන කළත් මෙලොව හැර ගිය තම ආදරණිය දියණිය වෙනුවෙන් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය දිගටම කරගෙන යෑම සම්බන්ධයෙන් තමා දැඩි තීරණයක සිටින බවත් කුමන බාදක හමුවේ හෝ නොමිලේ මිනි පෙට්ටි දෙන වැඩසටහන නවතා නොදමන බවත් දැඩි අධිෂ්ඨානයකින් යුතුව පැවසිය. හලාල්ඩීන් මොහොමඩ් රිස්වාන් මහතා පසුගිය දා ප්‍රකාශ කළේ covid -19 වෛරසය හේතුවෙන් මියයන කොළඹ දිස්ත්‍රික්කයේ අඩු අදායම්ලාභී පවුල්වල සාමාජිකයින්ගේ දේහයන් ආදාහනය සඳහා නොමිලේ මිනි පෙට්ටි ලබාදීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව කොවිඩ් වෛරසයෙන් මිය යන ජාති ආගම් බේදයකින් තොරව ඕනෑම අඩු ආදායම්ලාභියෙකුට වෙළඳ පොළේ සාමාන්‍ය වටිනාකම රුපියල් 35,000 ක් පමණ මිනි පෙට්ටියක් නොමිලේ ලබා දීමට සැලසුම් කර තිබේ. 2011 වසරේදී ඩෙංගු රෝගය වැළදීම නිසා මෙලොව හැර ගිය තම ආදරණිය දියණිය වෙනුවෙන් මෙම සංවිධානය ආරම්භ කල බව “Shihara Janaza Foundaton” නමැති ස්වේච්ඡා සංවිධානයේ නිර්මාතෘ හලාල්ඩීන් මොහොමඩ් රිස්වාන් මහතා පවසයි.

ඔබට නොමිලේ මිනි පෙට්ටියක් ලබා ගැනීමට අවශ්‍යනම් 075-7557552 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඔහු නැවතත් අසරණ පවුල්වලින් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.