පිය පුතුගේ ආචාරය. පාතාලයට තිත

අශන්ති වරුනසුරිය / ඉන්දික ශ්‍රී අරවින්ද

අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ලෙස වැඩ බාරගනිමින් විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සියලුම පාතාල සාමාජිකයන්ට අවි බාර දෙන ලෙසටද එසේ නොවන්නේ නම් හොදින් හෝ නරකින් එම කටයුතු කිරීමට තමන් සූදානම් බවටද අවධාරණය කළේය.

එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ කප්පම්කරුවන්ටද එම කටයුතු නවත්වන ලෙසත්, ජනතාව ආරක්ෂා කිරීම සදහා තමන් ඉදිරියේදී කටයුතු කරන බවත් හෙතෙම සදහන් කර සිටියේය. එසේම පොලිසිය තුළද 10%ක පමණ දූෂිත නිලධාරීන් පිරිසක් සිටින බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

අමාත්‍ය සරත් වීරසේකර මහතා බත්තරමුල්ලේ සුහුරුපායේදී වැඩ බාර ගනිද්දී ඔහුගේ පුත් සහකාර පොලිස් අධිකාරී වෛද්‍ය සචිත් වීරසේකර මහතා සිය පියාණන්ට ආචාර දැක්වීම විශේෂ සිදුවීමක් විය. සමාජ මාධ්‍ය ඔස්සේ බෙහෙවින්ම කතාබහට ලක්වී ඇති මෙම සිදුවීමේ තවත් විශේෂ කරුණක් වන්නේ එම අවස්ථාවට සහභාගීව සිටි අමාත්‍ය සරත් වීරසේකර මහතා, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සහ සහකාර පොලිස් අධිකාරී වෛද්‍ය සචිත්‍ර වීරසේකර යන තිදෙනාම ආදි ආනන්දියයන් වීමය.

පාතාලයට සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට දෙන ප්‍රථම සහ අවසාන අවස්ථාව මෙය බවත් ඔවුන්ගේ දාමරිකකම් අතහැර වහාම ගිනි අවි රජයට භාර දුන්නොත් ඔවුන් ගැන රජයක් හැටියට සලකා බැලීමට සුදානම් බව මහජන ආරක්ෂක අමාත්‍ය අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(30) අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක් වෙමින්.

ජනාධිපතිවරයා තමාට උපදෙස් ලබා දුන්නේ දුන්නේ ජනතාවට බියක් සැකයක් නැතිව ජිවත් වීමට සුදුසු පරිසරයක් ඇතිකරන ලෙසයි. එහෙම රටක පාතාලයක් තියෙන්ඩ බැහැ,කප්පන් ගන්න කණ්ඩායම් ඉන්න බැහැ,කුඩු ඇතුළු මත්ද්‍රව්‍ය තියෙන්ඩ බැහැ, මංකොල්ල කෑම්,මිනි මැරුම්,අපරාධ,ස්ත්‍රී දුෂණ,කාන්තා හිංසන සහ ළමා හිංසන තියෙන්ඩ බැහැ අද සිට එය නවත්වන බවට තමා ජනතාවට පොරොන්දු වෙන බව පැවසිය.

අද සිට කවරෙකු හෝ කප්පන් ඉල්ලනවානම් දෙන්ඩ එපා,මොනයම් ප්‍රබලයෝ මාර්ගයෙන් ඇවිත් කප්පන් ඉල්ලුවත් දෙන්ඩ එපා යැයි ඔහු පවසයි. පාතාලයට ප්‍රථම සහ අවසාන  වශයෙන් කියන්නේ පුලුවන්නම් දාමරිකකම් අතහැරලා අවි භාරදෙන්න රජයක් හැටියට ඒ ගැන සලකා බලන්න පුළුවන්, එහෙම නැති උනොත් සම්පුර්ණයෙන්ම පාතාලය නැතිකරලා දානවා යැයි අමාත්‍යවරයා අවධාරණය කරයි. ජනතාව වෙනුවෙන් ඒ දේ කරන අතර එමගින් පවක් සිදුවෙන්නේ නැහැ.

අද රට තුළ මත්කුඩු උවදුර උඩුදුවල තියෙන අතර කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසල් ශිෂ්‍යාවන් පවා අයිස් මත්ද්‍රව්‍ය ඇබ්බැහි වෙලා තියෙන්නේ. කුඩු විකුණන අයටත් කියන්නේ වහාම එය නවත්වන ලෙසටත්  ඔවුන්ටත් යළි අවස්ථාවක් දෙනවා එයින් ඉවත් වෙන්න කියලා. එයාලට වෙනම රැකියා අවස්ථා ලබා දීමට රජය සුදානම් බවත් එහෙම නැති උනොත් හොදින් හෝ නරකින් එය විසඳනවා යැයි අමාත්‍යවරයා පවසයි.

සෑම ගමකම සිවිල් ආරක්ෂක කමිටු යලි පිහිටු වීමට අවධානය යොමු වී ඇති අතර ඒ අනුව ග්‍රාම සේවා වසම් 14,000 ක් ආවරණය වන පරිදි එය සිදු කිරීමට නියමිතයි. එමගින් පාතාලය,මත්ද්‍රව්‍ය සහ කප්පන් වලට සම්බන්ධ පුද්ගලයින්ගේ සියලුම බුද්ධි තොරතුරු ලබාගැනීමට අපේක්ෂා කරයි. පොලිස් දෙපාර්තමේන්තුවේ සියයට 10%ක් පමණ  අපකීර්තිමත් නිළධාරීන් සිටිනඅතර ඇතැම් නිළධාරීන් ජනතාවට හිරිහැර කරන,කුඩු ව්‍යාපාරයට සම්බන්ධ සහ පාතාලයට සම්බන්ධ අයත් සිටින බවත් ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියා කරන බවට ජනතාවට පොරොන්දු වෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා වැඩිදුරටත් පැවසිය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.