බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූවන්ගේ ගණන 100 පනියි

මහර බන්ධනාගාරය තුළ සිදුවූ ගැටුම්කාරී තත්ත්වයේදී තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කළ පිරිස 109ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රැඳවියන් 107ක් හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් ඒ අතර වන බවත් අවසන් වශයෙන් රෝහල්ගත කළ රැඳවියන්ට සාමාන්‍ය තුවාල පමණක් ඇත

ඊයේ (30) වෙන කොට 8 දෙනෙක් මියගිහින් 60 දෙනෙක් තුවාල ලබා තිබු බවත් අද (1) උදෑසන 3 වන විට යම් යම් තුවාලකරුවන් රෝහල්ගත කල බවත් මේ වන විට රැඳවියන් 107 දෙනෙක් රෝහල්ගත කර ඇති බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසිය.

බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා සමග 109ක් රෝහල්ගත කර ඇත. ඊට අමතරව මරණ 8ක් වාර්තා වෙයි. අවසන් වශයෙන් ඇතුළත් කළ අය සාමාන්‍ය තුවාල ලබා ඇති බවට තොරතුරු වාර්තා වේ. ඔවුන් රාගම රෝහලේ කොවිඩ් ආසාදිතයින්ගේ වාට්ටුවට ඇතුළත් කර ඇත.

මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පළායාමට උත්සාහ දැරීමේ සිද්ධියක් හේතුවෙන් මුල්කර ගනිමින් පෙරේදා (29) දහවල් මෙම නොසන්සුන්කාරී තත්ත්වය හට ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.