නැගෙනහිර පළාතේ අක්කරෛපත්තු පොලිස් බල ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අවදානම් කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
එම ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් 58 ක් හඳුනාගෙන ඇති අතර කල්මුනේ ප්‍රදේශයෙන් රෝගීන් 86ක් වාර්තා වී තිබේ.
මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන් තත්ත්වයෙන් තුවාල ලබා රෝහල් ගත කළ රැදවියන් අතරින් 26 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණ වී ඇත. තුවාල ලැබූ රැදවියන් 71 දෙනා අතරින් 48 දෙනෙකු සම්බන්ධයෙන් සිදු කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකදී මෙලෙස අනාරණය වී ඇත. එම සිද්ධියෙන් රැදවියන් 08 දෙනෙකු ජිවිතක්ෂයට පත් විය.
ඊයේ පස්වරු 05ට පමණ ආරම්භ වූ මෙම නොසන්සුන් තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කිරීමට පැය 18කට ආසන්න කාලයක් ගතවිය. බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලිසිය හා නාවික හමුදාවද කැදවූ අතර ගින්න නිවා දැමුනේ ගිනි නිවන රථ 06ක් උපයෝගී කරගනිමිනි.