අශන්ති වරුණසුරිය
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ තමාට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට පැතිරෙමෙන් යන පුවත ප්‍රතික්ෂේප කළේය.
රෝහිත රාජපක්ෂ මහතාට කොරෝනා වැළඳී ඇති බවත් ඔහු නුවර ජනාධිපති මැදුරේ නිරෝධායනය වන බවට පැතිරෙමින් පවතිණ පුවත පිළිබදව කොළඹ ගැසට් පත්‍රය සිදුකළ විමසීමට අදහස් දක්වමින් රෝහිත රාජපක්ෂ මහතා කියා සිටියේ තමා නුවර ජනාධිපති මන්දිරයට කාලෙකින් නොගිය බවය.
කෙසේ වෙතත්, රෝහිත රාජපක්ෂ අවධාරනය කළේ තමාට හෝ රාජපක්ෂ පවුලේ කිසිවෙකුට කොරෝනා වෛරස් අසාදනය වී නැති බවත් මෙය සම්පුර්ණයෙන් අසත්‍ය මඩ ප්‍රචාරයක් බවත්ය.