බන්ධනාගාර සිදුවීමේ පරීක්ෂණයක් පවත්වන්නැයි ආ.ලේකම්ගෙන් IGPට උපදෙස්

මහර බන්ධනාගාරයේ වාර්තා වු ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන්, පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට ආරක්ෂක ලේකම්වරයා විසින් උපදෙස් දී තිබේ.

මහර බන්ධනාගාරයේ ඊයේ ඇති වූ නොසන්සුන් තත්ත්වය ක‍්‍රමයෙන් පාලනය කරමින් ඇති බව පොලිසිය පවසයි. ප‍්‍රදේශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයෙකු පැවසුවේ බන්ධනාගාරය තුළ තත්ත්වය සියයට 95කටත් වඩා වැඩියෙන් පාලනය කර ඇති බවය. ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව මේ වන විට මෙහෙයුමක්ද කි‍්‍රයාත්මක කෙරේ.

නවතම තොරතුරුවලට අනුව මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන් තත්ත්වය රැදවියන් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලබා රෝහල්ගත කර ඇති සංඛ්‍යාව 50කට අධිකය. රාගම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා සඳහන් කළේ ඔවුන්ට අවශ්‍ය ප‍්‍රතිකාර මේ වන විට ලබා දෙමින් සිටින බවය.

බන්ධානාගාරයේ නොසන්සුන් තත්ත්වයක් ඇති වීමත් සමග රැදවියන් විසින් සිය භාරයට ගත් නිලධාරීන් දෙදෙනාද මේ වන විට ආරක්ෂක අංශ විසින් මුදා ගනු ලැබ තිබේ. එළෙස රැදවියන්ගේ භාරයට පත් එක් නිලධාරීයෙකුගේ තත්ත්වය බරපතළ බව පොලිසිය පැවසුවේය. නිලධාරීන් දෙදෙනාද මේ වන විට රෝහල්ගත කර ඇත.

මහර රිමාන්ඞ් බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් පළමුව යම් කලබලකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇති අතර, පසුව තවත් රැඳවියන් පිරිසක් එක්ව බන්ධනාගාරයෙන් පළායාමට උත්සහ දරා ඇති අතර රැඳවියන් විසින් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක්ව සිය භාරයට ගෙන තිබුණි. ඉන්පසු තත්ත්වය පාලනය කිරීම සඳහා අතිරේක පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බළකායේ පිරිසක් කැඳවීය. රැඳවියන් විසින් බන්ධනාගාරයේ සෞඛ්‍ය කාර්යාලය ට සහ ගබඩාව ට ගිනි තබා තිබේ. සිදුවීම හේතුවෙන් 8 දෙනෙක් මරණයට පත්ව ඇති අතර තුවාල ලැබූ ගණන 71කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.