කොරෝනා වෛරස් අසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයින් භූමදාන කිරීම සඳහා කොන්ක්‍රීට් සොහොන් ගෙවල් ඉදිකිරීමට මුස්ලිම් මන්ත්‍රීවරයෙක් ඉදිරිපත් වී සිටියි.
සමගි ජන බලවේගය (එස්.ජේ.බී.) පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් සාමාජික ෆයිසාල් කාසිම් මහතා අද පාර්ලිමේන්තුවට කියා සිටියේ එලෙස කොරෝනා නිසා මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ භූමදානය පිළිබඳ ගැටළුව සොයා බැලීම සඳහා රජය විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ උපදෙස් මුස්ලිම්වරුන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.
විශේෂ කමිටුව යෝජනා කර ඇත්තේ කොරොන වෛරස් අසාදිතව මිය යන පුද්ගලයින්ගේ භූමදාන කිරීමට මේ මොහොතේ අවසර නොදෙන බවය. විද්‍යාත්මක හේතූන් මත ආසාදිත සිරුරු වළලනු ලැබුවහොත් අධික වර්ෂාවක් ඇති විට වෛරසය ශරීරයෙන් මතු විය හැකි බවට කමිටුව අවධානය යොමු කර තිබේ.
කෙසේ වෙතත් ෆයිසාල් කාසිම් අවධාරනය කළේ නැගෙනහිර පළාතේ වර්ෂාව පවතින විට ජලය මතුපිටට නොපැමිණෙන ප්‍රදේශ පවතින බවය.අවශ්‍ය නම් තම පුද්ගලික අරමුදල් යොදා ගනිමින් කොන්ක්‍රීට් සොහොන් ඉදිකිරීමට තමන් සූදානම් බව ඔහු පැවසීය.