බහුජාතික සමාගමක් සහ බන්ධනාගාර සිදුවීම ගැන විමල්ගෙන් හෙළි දරව්වක්

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් බෝ නොවන රෝග සහ ජනතාවගේ ආහාර පුරුදු මෙන්ම ජීවන රටාව අතර ඇති සබඳතාව පිළිබඳවත් එම පැතිකඩයන් දෙකම වෙළඳපොළ බලවේග විසින් පාලනය කරන බවත් අද (30) දින පාර්ලිමේන්තුව අමතමින් පැවසීය. තවද මහර බන්ධනාගාරයේ ඇතිවූ කෝලහාලය ගැනද පවසමින් එය කිසියම් කණ්ඩායමක්, ලේ කෝපකරවන පෙත්තක් රැදවියන් අතර බෙදා හැර ඇති බවත්, මහර රැදවියන් ප‍්‍රචණ්ඩ වී ඇත්තේ එම පෙත්ත භාවිතා කිරීමෙන් ලේ කෝප වී බවත්, මෙය ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් බවත් අමාත්‍යවරයා කරුණු සහිතව පැහැදිලි කළේය.

කෘතිම ලෙස නිෂ්පාදිත ආහාර මෙන්ම විෂ රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍යට දැඩි අන්තරාකාරී තත්වයක් ඇතිවී ඇති බව පෙන්වා දුන් එම මහතා වැඩිදුරටත් පවසා සිටියේ එම සමාගම් විසින් මෙරට ජීවන රටාව සහ ආහාර රටාව හැඩගස්වමින් සිටින බව ද සබන් ලෙස හඳුන්වා දෙන ඇතැම් නිෂ්පාදනයන් පිළිබඳවද එහිදී එම මහතා හෙළි කර සිටි අතර අදාල සමාගම් විසින් සිය බලය යොදාගනිමින් සිදු කරමින් පවතින දෑ පිළිබඳවද ඔහු හෙළි කළේය.

එමෙන්ම සැළසුම් සහගතව හිරගෙදර මිනීමරන තත්වයක් ඇති කර ගෝඨාභය රාජපක්ෂ මහතා ජාත්‍යන්තරය හමුවේ අපවාදයක් ගොඩනැගීමේ වාතාවරණය ඇතිකිරීම හේතුවෙන් ඇති වූ තත්වයක් බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටිය දී, වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙකු ඝාතනයට ලක් වූ බවත්, එතුමා දැන් ජනාධිපතිව සිටියදී නැවතත් රැදවියන් ඝාතනයට ලක්වන බවත් ලෝකයට පෙන්නුම් කිරීමේ උවමනාව මත මෙම ගැටුම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් ලෙස මතුව ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

වැලිකඩ බන්ධනාගාරයේ සැලසුම බුද්ධි අංශ හේතුවෙන් නිසි පරිදි ඉටුකර ගැනීමට නොහැකි වීම නිසා එහි Backup Plan එකක් ලෙස මහර බන්ධනාගාරය තුළ හටගත් සිදුවීම හටගත් බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

එමෙන්ම ඊයේ සවස වාර්තා වූ නොසන්සුන්තාවයේ දී ඇති වූ ගින්න හේතුවෙන් මහර බන්ධනාගාරයට විශාල හානියක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. බන්ධනාගාර ලියකියවිලි, ආහාර ගබඩාව සහ බන්ධනාගාර අධිකාරී (එස්පී) සහ සහකාර අධිකාරී (ඒඑස්පී) කාර්යාල විනාශ වී ඇත.

නොසන්සුන්තාවයේ දී මහර බන්ධනාගාරයේ රැඳවියන් විසින් දැල්වූ ගින්නෙන් දේපළ විනාශ වූ බව ඔහු පැවසීය. රැඳවියන් අට දෙනෙකු මියගොස් ඇති අතර, නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ රැඳවියන් හැත්තෑ එක් දෙනෙකු රාගම කොළඹ උතුරු ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.