කොවිඩ් මළ සිරුරු භාර නොගන්නා ලෙසට මුස්ලිම් අන්තවාදී සංවිධානයක් දැනුම් දෙයි

ඉන්දික ශ්‍රී අරවින්ද

කොවිඩ් වෛරසයෙන් මියගිය මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු භාරගැනීමට ඔවුන්ගේ ඥාතීන් විරෝධය පළකිරීම නිසා කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ මළ සිරුරු 5 ක් දින ගණනක් තිස්සේ තවදුරටත් රඳවාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මුස්ලිම් අන්තවාදී සංවිධානයක් විසින් ඥාතීන් හරහා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් වෙත දැනුම් දී ඇත්තේ මෙම මළ සිරුරු භාර නොගන්නා බවයි. මෙලෙස ආදාහනය කිරීමට විරෝධය පාමින් මළ සිරුරු රැගෙන නොයාම නිසා මෘත ශරීරාගාරයේ මළ සිරුරු ගොඩ ගැසී ඇති බවයි පවසයි.

සෞඛ්‍ය අංශයේ නිර්දේශය මත මියගොස් පැය විසිහතරක් යන්නට පෙර කොවිඩ් වැලඳුණු අයගේ මෘතදේහ ආදාහනය කළ යුතු වුවත් මෙම ගැටලුව නිසා එම මළසිරුරු දින ගණනක් මෘත ශරීරාගාරයේ තැබීමට සිදු වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

සිරුරු ආදාහනයට මිනීපෙට්ටි ලබාදිය නොහැකි බව දන්වා ආදාහනයට විරෝධය පෑ පවුලේ ඥාතීන් පිටව ගොස් ඇතැයි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉහළ නිළධාරීන්ට රජයට දැනුම් දී තිබේ.

මෙම මෘත ශරීර අතර කොම්පඤ්ඤවීදියේ 02ක්, මරදානින් 01ක්, මාලිගාවත්තෙන් 01 හා කොළඹින් පිට 01 ද වෙයි.
මෙම පිරිස නිවසේ සිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගිය අය වේ. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍ය නිළධාරී කාර්යාලයට යොමු කළ පසු මෘත ශරීර භාර ගැනීම පවුල්වල ඥාතීන් ප්‍රතික්ෂේප කර තිබුණි.

කෙසේ වෙතත් රජයේ වියදමින් මෙම මෘත දේහයන් ආදාහනය කරනවාද? නැද්ද? යන්න පිළිබඳව සෞඛ්‍ය අංශ තීරණයක් ගැනීමට නියමිතය. මේ හේතුව නිසා අධිකරණ වෛද්‍ය නිළධාරීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව ඔවුන් අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.