තවත් කොවිඩ් ආසාදිත මරණ 7ක් පිළිබඳ තොරතුරු වාර්තා වේ. ඒ අනුව මෙරට දී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 23,311ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොළඹ 02 පදිංචිව සිටි 50 හැවිරිදි කාන්තාවක්, ගොතටුව පදිංචිව සිටි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මොරටුවේ පදිංචිව සිටි 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, හලාවත පදිංචිව සිටි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අකුරැස්සේ පදිංචිව සිටි 51 හැවිරිදි කාන්තාවක්, කොළඹ 13 පදිංචිව සිටි 90 හැවිරිදි කාන්තාවක් සහ මරදාන ප්රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එසේ මිය ගොස් ඇත.
අද (29) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 323 දෙනෙක් නව ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත. අද දිනයේ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 346 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමග මෙරට සමස්ත සුවය ලැබු ආසාදිතයින් ගණන ද 17,002ක් දක්වා වැඩි විය.
මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුර 19,773ක් ලෙස ද වාර්තා වෙමින් මේ වන විට මෙරට රෝහල්ගත සමස්ත ආසාදිතයින් ගණන 6,200ක් ලෙස වාර්තා වේ.