පිටකොටුවේ තොග වෙළදාම තහනම්

පිටකොටුව පොලිස් බල ප‍්‍රදේශය හෙට උදෑසන 5 සිට හුදෙකලා තත්ත්වයෙන් මුදා හැරුණද සුපුරුදු පරිදි තොග වෙළදාම සිදු කිරීමට අවසර ලබා නොදීමටයි තීරණය කර ඇති අතර මැනිං වෙළෙඳපොළ, හතරවන හරස්වීදිය හා පස්වන හරස්වීදිය යන ප‍්‍රදේශවල තොග වෙළදාම තහනම් කර ඇත.

හෙට දිනයේ දී අදාල ප‍්‍රදේශයන්හි තොග වෙළෙඳාමට මෙන්ම සෙසු වෙළෙඳාම් සඳහා ද නැවත දැනුම් දෙන තුරු අවසර හිමි නොවන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

මේවන විට හුදෙකලා කර ඇති කොළඹ දිස්ත‍්‍රික්කයේ පිටකොටුව, වෙරළබඩ සහ මට්ටක්කුලිය යන ප‍්‍රදේශ හෙට අලූයම 5.00 සිට හුදෙකලා තත්ත්වයෙන් මුදා හැරීමට නියමිතය.

මීට අමතරව ගම්පහ දිස්ත‍්‍රික්කයේ මීගමුව සහ රාගම යන ප‍්‍රදේශ ද එලෙසම හුදෙකලා තත්ත්වයෙන් මුදා හරිනු ඇති. සෙසු ප‍්‍රදේශ සම්බන්ධයෙන් ඉදිරි සතියේදී තීරණයක් ගන්නා බවද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.