දැඳුරු ඔයේ සිදුවන වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු වැලි ජාවාරමට යෙද වූ ටිපර් රථයකට යටකර ඝාතනය කිරීමේ සිද්ධියට අදාල අනතුර සිදුකළ ටිපර් රථය අතහැර දමාගොස් තිබියදී අද (29) පෙරවරුවේ සොයා ගෙන ඇත.
එමෙන්ම පළාගිය එහි රියදුරු මේ වනවිටත් හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි. මේ සම්බන්දයෙන් විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායම් 2ක් පත්කර තිබේ.
දැඳුරු ඔයේ නීතිවිරෝධී වැලි ගොඩදැමීමක් සිදුවන බවට කොබෙයිගනේ පොලීසියට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් 5දෙනෙකු ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ දැඳුරු ඔයේ ”හාතලව” නම් ස්ථානයට ගොස් තිබුණි.
වැලි ජාවාරම්කරුවන් මෙම ස්ථානය පන්සල් මංකඩ තොටුපල ලෙස හඳුන්වයි. එම අවස්ථාවේදී වැලි පටවා ගත් ටිපර් රථයක් ඉදිරියට පැමිණ තිබූ අතර පොලිස් නිලධාරීන් රථය නවත්වන්නැයි සංඥා කර තිබේ. ඊට අවනත නොවූ ටිපර් රථ රියදුරු , රථය නොනවත්වා ඉදිරියට ධාවනය කරමින් එක් පොලිස් නිලධාරියෙක් යටකර එම ස්ථානයෙන් පළාගොස් ඇත.
ඉන් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරීයා නිකවැරටිය මූලික රෝහල වෙත රැගෙන ගියත් පොලිස් කොස්තාපල්වරයා ජීවිතක්ෂයට පත්ව තිබුණි. අනතුරින් මියගියේ කොබෙයිගනේ පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ නිකවැරටිය අඹගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු පියෙක් වන 32 හැවිරිදි නදීප් ආකාෂ් රත්නායක නම් වේ.